වැඩවර්ජනයෙන් රෝහල් තුළ ප්‍රතිකාර සේවා බිඳවැටිල – වැඩවර්ජන අපේ තීරණ නෙවෙයි පාලකයන්ගේ ඉල්ලීම (VIDEO)

Date:

සංශෝධිත බදු පනත ඇතුළු කාරණා මුල්කරගනිමින් අද (13 ) සිට අරඹා තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අදියර ලෙස එක්ව සිටින අතර ඒ අනුව අද දින බස්නාහිර,මධ්‍යම,නැගෙනහිර සහ දකුණ යන පළාත් තුළ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

එම වැඩවර්ජනය හේතුවෙන් හදිසි ප්‍රතිකාර සේවා හැර සෙසු ප්‍රතිකාර අඩාල වී තිබෙන අතර මෙම ක්‍රියාමාර්ගය වෛද්‍යවරු ලෙස වෘත්තීය සමිති ගනු ලැබූ තීරණයක් නොව අසංවේදී පාලකයන් විසින් ඉල්ලා සිටි දෙයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලෙක්ම වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

ජනතාවට විදීමට සිදුවන අපහසුතා අවම කරගැනීමට සංගමයක් ලෙස කටයුතු කර තිබෙන බවත් සෙසු පළාත් පහ හෙට දිනයේ වර්ජනයට එක්වන බවත් පාලකයන් ඊටද උත්තර නොදෙන්නේ නම් 15 වැනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යොමුවන බවයි අලුත්ගේ මහතා අවධාරණය කළේ.

ඒ අනුව රෝගීන් පත්වන අපහසුතාවට පාලකයන් වගකිවයුතු වන අතර සංශෝධිත බදු ප්‍රතිපත්තිය ජනතාවට හිතකර තත්ත්වයට පරිවර්තනය කරන ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...