වැඩවර්ජනයෙන් රෝහල් තුළ ප්‍රතිකාර සේවා බිඳවැටිල – වැඩවර්ජන අපේ තීරණ නෙවෙයි පාලකයන්ගේ ඉල්ලීම (VIDEO)

Date:

සංශෝධිත බදු පනත ඇතුළු කාරණා මුල්කරගනිමින් අද (13 ) සිට අරඹා තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අදියර ලෙස එක්ව සිටින අතර ඒ අනුව අද දින බස්නාහිර,මධ්‍යම,නැගෙනහිර සහ දකුණ යන පළාත් තුළ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

එම වැඩවර්ජනය හේතුවෙන් හදිසි ප්‍රතිකාර සේවා හැර සෙසු ප්‍රතිකාර අඩාල වී තිබෙන අතර මෙම ක්‍රියාමාර්ගය වෛද්‍යවරු ලෙස වෘත්තීය සමිති ගනු ලැබූ තීරණයක් නොව අසංවේදී පාලකයන් විසින් ඉල්ලා සිටි දෙයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලෙක්ම වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

ජනතාවට විදීමට සිදුවන අපහසුතා අවම කරගැනීමට සංගමයක් ලෙස කටයුතු කර තිබෙන බවත් සෙසු පළාත් පහ හෙට දිනයේ වර්ජනයට එක්වන බවත් පාලකයන් ඊටද උත්තර නොදෙන්නේ නම් 15 වැනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යොමුවන බවයි අලුත්ගේ මහතා අවධාරණය කළේ.

ඒ අනුව රෝගීන් පත්වන අපහසුතාවට පාලකයන් වගකිවයුතු වන අතර සංශෝධිත බදු ප්‍රතිපත්තිය ජනතාවට හිතකර තත්ත්වයට පරිවර්තනය කරන ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...