*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

අද (14) සිට දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම ආරම්භ වේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): අද (14) සිට දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය කියා සිටී.

හෙට (15) සිට එම ප්‍රදේශවල වී මිලදී ගැනීම ආරම්භ කරන බව , එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේය.

කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිවු, වව්නියා, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශ ඒ යටතට අයත් වන අතර, වී මිලදී ගැනීම සඳහා 8%ක පොලියට ගොවි භාරකාර අරමුදලෙන් මිලියන 100ක ණයක් ලබාගත් බවත් සභාපතිවරයා පැවසුවේ ය.

කෙසේ වෙතත් වී මිලදී ගැනීම සඳහා රජයේ මුදල් ප්‍රතිපාදනයක් වෙන් කර නැති අතර, දැනට දකුණු පළාතේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

මේ වන විට වී අලෙවි මණ්ඩලය මගින් වී කිලෝ ලක්ෂයක් මිලදී ගෙන ඇත.

ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 105ක මුදලකටත්, සම්බා කිලෝවක් 120ක මුදලකටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 130ක මුදලකටත් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ඇති බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan