සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ආසියාවට බොරතෙල් ආනයනයෙන් 40% ක් සඳහා මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියානු ධජය සහිත නැව් ප්‍රවාහනය කිරීමට ඉරානය ඉඩ දෙන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කර තිබේ.
ලෝකයේ අංක 3 තෙල් පාරිභෝගිකයා වන ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි හා කරන ලද සකච්ජාවල ප්‍රතිඵලයක් වශයෙන් නැව්ගත කිරීමේ ආරක්ෂාව සහ ඉන්දියාවේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධ ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉරානය ඉන්දීය ධජ සහිත යාත්‍රා සඳහා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කර ඇත.
ඉරානයට එරෙහිව ඇමරිකා – ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වී පෙබරවාරි 28 වන දා සිට ඉරානය සමුද්‍ර සන්ධියේ අවම වශයෙන් නැව් 16 කට පහර දී ඇති අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට පහර දෙන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) නිවේදනය කර ඇත.
ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය, ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන අතර, ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20 ක් ඒ හරහා සිදුකෙරේ,

