විදුලි ඉංජිනේරුවන් අද සිට දින 07ක් අකුරට වැඩ – විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයක්!(VIDEO)

Date:

සංශෝධිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (14) සිට දින 07ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව එම සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේය.

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවද විසඳුමකින් තොරව අවසන් වූ බවත් ඒ අනුව හෙට දිනයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස ගෙන තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත සහය දක්වමින් විදුලි ඉංජිනේරුවන් ද ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි විජේවර්ධන මහතා සඳහන් කළේ.

ජනතාවට සිදුවන අපහසුතාවන්ට කළ හැකි දෙයක් නොමැති අතර විදුලිය බිඳ වැටීමක් සිදුවුවහොත් යථාතත්ත්වයට පත්කිරීම සඳහා වැඩි කාලයක් ගතවනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය කාලය තුළ වෘත්තීයවේදීන් ලෙස ඉවසීමෙන් විසඳුම් දීමට රජයට කාලය දෙමින් කළ අරගලය දැන් තීව්‍ර තත්ත්වයකට පත්ව තිබෙන බවත් රජය තවදුරටත් විසදුම් නොදෙන්නේ නම් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම බලාපොරොත්තු වන බවත් එය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස තීරණය කරන බවත් විජේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...