විදුලි ඉංජිනේරුවන් අද සිට දින 07ක් අකුරට වැඩ – විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයක්!(VIDEO)

Date:

සංශෝධිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (14) සිට දින 07ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව එම සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේය.

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවද විසඳුමකින් තොරව අවසන් වූ බවත් ඒ අනුව හෙට දිනයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස ගෙන තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත සහය දක්වමින් විදුලි ඉංජිනේරුවන් ද ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි විජේවර්ධන මහතා සඳහන් කළේ.

ජනතාවට සිදුවන අපහසුතාවන්ට කළ හැකි දෙයක් නොමැති අතර විදුලිය බිඳ වැටීමක් සිදුවුවහොත් යථාතත්ත්වයට පත්කිරීම සඳහා වැඩි කාලයක් ගතවනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය කාලය තුළ වෘත්තීයවේදීන් ලෙස ඉවසීමෙන් විසඳුම් දීමට රජයට කාලය දෙමින් කළ අරගලය දැන් තීව්‍ර තත්ත්වයකට පත්ව තිබෙන බවත් රජය තවදුරටත් විසදුම් නොදෙන්නේ නම් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම බලාපොරොත්තු වන බවත් එය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස තීරණය කරන බවත් විජේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...