රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW:
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා රුපියල් මිලියන 4,261ක මුදලක් වෙන් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව අනුමත වී තිබේ.
රජයේ අරමුදල් හෝ ණය මුදල් භාවිත කරමින් මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය අනුමැතිය පාර්ලිමේන්තුව විසින් ලබා දී ඇත.
කලාපීය වශයෙන් මතුවන ආපදා අවදානම්, අයහපත් කාලගුණ තත්ත්වයන් සහ වෙනස්වන මෙහෙයුම් අභියෝග සැමරීමේ අරමුණින් මෙම මුදල් යොදවනු ලැබේ.
විශේෂයෙන්ම ආරක්ෂක හා මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් (ඩ්‍රෝන යානා) ස්ථාපිත කිරීමට මෙම අරමුදල් ප්‍රධාන වශයෙන් භාවිත කිරීමට නියමිතය.


