රටම අඩපණ කෙරෙන දැවැන්ත වැඩවර්ජනය අද

Date:

වැටුප් මත අය කෙරෙන බද්දට එරෙහිව සෞඛ්‍ය, වරාය, ඛනිජ තෙල්, විදුලි ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්ව සිදුකරන දැවැන්ත වැඩවර්ජනය අද (15) පැවැත්වේ.

දිවයින පුරා සියලුම සේවාවන් මෙම වැඩවර්ජනය හමුවේ අඩපණ වනු ඇති බවයි වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සම්මේලනය පවසා ඇත්තේ.

අත්‍යාවශ්‍ය සේවාවක් වශයෙන් පෙරේදා රාත්‍රියේදී ගැසට් කරනු ලැබුවත් තමන් ද මෙම වැඩවර්ජනයට එක්වන බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ.

දුම්රිය වෘත්තීය සමිති රැසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටම වැඩවර්ජනය ආරම්භ කරන බව නිවේදනය කර තිබිණි.

එසේම පාසල් ගුරු – විදුහල්පතිවරුන් ද අද වැඩවර්ජනය කරන බව එම වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත.

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩල ද වැඩවර්ජනයට සහාය පළකරන බව එම වෘත්තීය සමිති පවසන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද දිනයේ ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද දිවයින පුරාම වැඩවර්ජනයේ නිරත වන අතර වරාය වෘත්තීය සමිති ද පවසා තිබුණේ අද දිනයේදී වරායේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරන බවකි.

මේ අතර මෙම ක්ෂේත්‍රවල වෘත්තීය සමිති කිහිපයක් තමන් මෙම වැඩවර්ජනයට සම්බන්ධ නොවන බවත් නිවේදනය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...