අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුගෙන් ජනපතිට ලිපියක් ..

අස්ගිරි හා මල්වතු මහනාහිමිවරු අවධාරණය කරන්නේ, මේ තීරණාත්මක අවස්ථාවේ රට ආර්ථික වශයෙන් යළි ස්ථාවර කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සිය යුතුකම් හා වගකීම් මනාව වටහාගෙන කටයුතු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ප්‍රායෝගික තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පසුගිය කාලවකවානුව පුරා පෙන්වා දී තිබෙන බවයි.

තවදුරටත් උන් වහන්සේලා පවසන්නේ මහජන සුබසිද්ධිය උදෙසා පක්ෂ දේශපාලන න්‍යායපත්‍රයන් ඉවතලා ජාතික ප්‍රතිපත්තීන් මත පදනම් වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද නැවත අවධාරණය කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්, රට තුළ උද්ගතව තිබූ දැඩි ආර්ථික, දේශපාලන හා සමාජීය ස්ථාවරත්වය සමනය කර ස්ථාවරත්වයක් ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රසංශාව පළ කරන උන් වහන්සේලා, ඉහළ යන ජීවන වියදම පහත හෙළා මහජන පීඩාවන් අවම කොට සමාජ නොසන්සුන්තාව සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...