*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

UNP බලය මැයි දිනෙන් පෙන්වීමට සැරසෙයි!

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැමරුම විශාලතම ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දක්වමින් සංවිධානය කෙරෙන එම මැයි දින රැලිය අති සාර්ථක කර ගැනීම සඳහා පක්ෂයේ සියලු සංවිධායකයන් ගේ සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු රට මේ වන විට නිවැරදි මාවතට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව ඇති බවත් ඒ හමුවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය වී එහි වාසිය ජනතාව වෙත ලැබී තිබෙන බවත් සඳහන් කළේය.

එම සාර්ථකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙන බවත් පැවසූ හිටපු අමාත්‍යවරයා එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය අනිවාර්යයෙන් හිමිවනු ඇති බවයි පැවසුවේ.

”එළැඹෙන මැයි දින සැමරුම අති විශාල ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. මැයි රැලිය කොළඹ පැවැත්වූවත් එය වඩාත් සාර්ථක කරගන්නට එක්සත් ජාතික පක්ෂයේ සියලු සංවිධායකයන් සහ අනුබද්ධ සංවිධාන වල සහාය අපේක්ෂා කරනවා. මෙවර මැයි දින සැමරුමේ අපේක්ෂාව වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමයි. ඒ කටයුතු සාර්ථක කරගන්නට සියලු දෙනා එකමුතුව කටයුතු කිරීමට අවශ්‍යයි.

මේ වන විට රට නිවැරදි මාවතට පැමිණ තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගත් අභියෝගය සාර්ථක ලෙස ඉටුකරමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම මේ රට සංවර්ධනය කිරීමට නම් තරගකාරී ආර්ථිකයක් ඇති කළ යුතුයි. තරගකාරීත්වය තුළ මිල සමතුලිතතාවයක් ඇති වෙනවා. තවදුරටත් කෝටා ක්‍රමය සාර්ථක නෑ. ඒ වගේම එය අසාර්ථක වගේම දූෂිත බවත් තහවුරුව තිබෙනවා.

රනිල්ට IMF පසසුමත් ලැබුණා

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ නිසි මූල්‍ය විනයක් ඇතිව නිවැරදි මාර්ගයේ ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවා පැසසුමට ලක්ව තිබෙනවා. ජනතාව යම් පීඩනයකට ලක්ව සිටින බව ඇත්ත. නමුත් තිබුන තත්ත්වයට සාපේක්ෂව ‍යහපත් තැනකට රට ගෙනවිත් තිබෙනවා.

ඇතැම් ආයතන විවිධ සමීක්ෂණ වාර්තා එළිදක්වමින් IMF සමග වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාමට රජය අසමත් බව පවසනවා. නමුත් කිසිම දෙයක් අංගසම්පූර්ණ කිරීමට නොහැකි බව අප තේරුම් ගතයුතුයි. ඔය ආයතන සමීක්ෂණ වාර්තා කියලා එළිදක්වන්නේ විපක්ෂයේ අවශ්‍යතාව බවත් සිහිපත් කළ යුතුයි. නමුත් දත්ත අනුව රජය ආදායම් වැඩිකරගෙන තිබෙනවා. ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට නොහැකියි. ජනතාව අනවශ්‍ය පීඩාවට පත්කළ නොහැකියි. ඒ බව කවුරුත් පිළිගෙන කටයුතු කළ යුතුයි.

දැන් බලන්න,විදුලි බිල පසුගිය සමයේ ඉහළ දැමීමට සිදුවුණා. නමුත් මණ්ඩලයේ ණය ගෙවා සහනයක් ලබාගෙන , ජල විදුලි උත්පාදනය වැඩි වශයෙන් සිදුකිරීමට පහසු වූ පසුබිම තුළ ඉහළ දැමු විදුලි බිල විශාල ප්‍රමාණයකින් පහළ දමා ජනතාව ට ඒ සහනය ලබාදීමට ආණ්ඩුව කටයුතු කළා.

මේ වන විට විදෙස් සංචිතය ඩොලර් බිලියන 5ක් පමණ වි තිබෙනවා. එහි සහනය ජනතාවට ලැබී තිබෙනවා.න්‍යායික නොවන,ප්‍රායෝගික නැති විවිධ පොරොන්දු දීලා,ජනතාව රවට්ටලා රට හදන්න බෑ. ආර්ථිකය හදන්න නම් නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අවශ්‍යයි.

දැන් බලන්න පරාටේ නීතිය අත්හිටුවීමට කටයුතු කළොත් බැංකු කඩා වැටෙයි කිව්වා. ලෝකය පුරා බැංකු තිබෙනවා. පරාටේ නීතිය තිබිලා බැංකු කඩා වැටිලා නැද්ද ? ඔය කතා මහ බැංකුව පහසුවට කියන කතා. මහ බැංකුවේ වැඩ වලින් ආණ්ඩුවක් පෙරලන්න වුණත් පුළුවන්.

බැංකු ණය නොගෙවා ඉන්නේ 5% ක් වගේ ඉතාම සුළුතරයක්. 95 % ක් ආත්ම ගෞරවයක් ඇතිව ණය ගෙවන්න කටයුතු කරනවා. වංචනික ලෙස ණය නොගෙවා සිටිනවා නම් ඊට එරෙහිව කටයුතු කළ යුතුයි. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය ගත්තේ පොලිය 10% -12% ට තිබියදීයි. නමුත් පොලිය 30%ට ඉහළ දැම්මට පස්සේ ඒ මිනිස්සු කොහොමද එකපාරටම ඒ වැඩි වුණු ප්‍රමාණය ගෙවන්නේ ? පොලිය වැඩි කළා කියලා ඔවුන්ගේ ආදායම් වැඩි වුණේ නෑ . ඒ නිසා ඔවුන් ගැන මානුෂීය විය යුතුයි. ව්‍යාපාර නැතිව ආර්ථිකයක් පවතින්නේ කොහොමද ? අපිටත් ව්‍යාපාර තිබෙනවා . අපි ආර්ථිකය හසුරුවලත් තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් බැංකු පවා සාධාරණ ලෙස කටයුතු කළ යුතුයි. ඔවුන්ව බිත්තියට හේත්තු කරන්න නරකයි. පරාටේ නීතිය නැත්නම් බැංකු වැටෙනවා කියලා බොරු කියන්න නරකයි.

මහ බැංකුව පසුගියදා ඔවුන්ගේ වැටුප් ඉතාම අසාධාරණය ලෙස වැඩිකර ගත්තා. දැන් ඒ ආකාරයට හැසිරීම වලක්වන්න නීති ගේන්න සාකච්ඡා කරනවා. නමුත් මම මුලින්ම ඔය අනතුර පෙන්වා දුන්නා. මහ බැංකුව එහිදී කටයුතු කළේ, ” මම කියන දේ කරන්න : හැබැයි මම කරන දේ කරන්න එපා” කියන ආකාරයට යි. ඒ නිසා මේ වගේ කටයුතු පාලනය කිරීමට නීති අවශ්‍යයි.

ඒ වගේම තමයි , වාහන ආනයනය ගැන කතා බහක් තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම් මේ වසරේදී ත් වාහන ආනයනය කිරීමට අවශ්‍ය නෑ . මොකද ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 1.5 – 2 ක් පමණ ඇදී යනවා. 5% -10% ක අවශ්‍යතාව ඉටුකරන්න ගිහින් අවධානමක් ගන්න අවශ්‍ය නෑ . නමුත් සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ ගැන සළකා බැලීමේ වරදක් නෑ.

බඩ ගැන නොහිතා රට ගැන හිතන්න ගිහින් බඩයි රටයි දෙකම නැතිකරගත්තා

දැන් බලන්න බඩ ගැන නොහිතා රට ගැන හිතන්න ගිහින් අන්තිමට බඩයි රටයි දෙකම නැති කරගත්තා. ඒ වෙලාවේ කවුරුත් අභියෝගය බාරගන්න ඉදිරිපත් වුණේ නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි අභියෝගය බාරගත්තේ. දැන් රට මූල්‍ය විනයක් ඇතුව නිවැරදි මාර්ගයේ යනවා. ජනතාවට අමාරුකම් තියෙනවා. ඒක නෑ කියන්නේ නෑ . නමුත් හිඟය අවසන් කරලා තියෙනවා. අර්බුදය එකවර විසඳීමට හැකියාවක් නෑ . නමුත් රට ගොඩනැගීම ආරම්භ වී තියෙනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා .

විපක්ෂයට එක එක කතා කියන්න පුළුවන්. අරක කරනවා, මේක දෙනවා කියන්න පුළුවන්. නමුත් ක්‍රමවේදය කියන්නේ නෑ . අපි යමක් නොමිලේ දෙනවා නම් ,එය උපයන ක්‍රමයක් ද තිබිය යුතුයි . ” මචං , මට ණය ටික ගෙවන්න විදියක් නෑ . පස්සේ තියෙන වෙලාවක දෙන්නම් ” වගේ කතා කියලා රට ගොඩනගන්න බෑ. ” ගිය පාරට වඩා ඩොලර් 500ක් එවන්න” කියලා රටේ ආර්ථිකය හදන්න බෑ. අපේ කාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක මිල අඩු කළා. ආදායම් ඉහළ නංවන ක්‍රමවේදයක් ඇතුවයි ඒ දේවල් කළේ.

මේ යන ආකාරයට ඩොලරය රුපියල් 290ක් වගේ තත්ත්වයට පත්වෙයි. ඩොලරය කෘතිම ලෙස පාලනය නොකළ යුතුයි. අපි ඩොලර් එකතු කරන්න ඕන . අපනයනය වැඩි කරන්න ඕන . තවමත් අපේ රට 69% ක් ආනයනය කරනවා. එය වෙනස් කරන්න ඕන. අපි තවම එතනට පැමිණ නෑ . අපනයනය දිරිමත් කරන තරමට තමයි ඩොලර් එකතු කරන්න ලැබෙන්නේ . අපනයන ආර්ථිකය වෙත යන්න නම් ඒ සඳහා දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුලේ කටයුතු කළ යුතුයි. වසරින් වසර වෙනස් වෙන ප්‍රතිපත්ති සමග එතනට යන්න බෑ.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ සාර්ථක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇති නිසා තෙවැනි වාරිකය අනිවාර්යයෙන් ලැබෙයි. ජනතාව තුළත් ජනාධිපති ගේ වැඩපිළිවෙළ ගැන විශ්වාසය ඇතිවී තිබෙනවා . අපි බලය ගන්න ඕන ජනතාව ගේ විශ්වාසය දිනාගෙනයි. එහිදී ජනප්‍රිය තීන්දු ගන්නවා වෙනුවට නිවැරදි තීන්දුව ගත යුතුයි. ඒ සඳහා සැමගේ සහාය අවශ්‍යයි . කාටවත් තනියම රට ගොඩනගන්න බෑ. බහුතරයේ විශ්වාසය දිනාගැනීමට සමත් වැඩපිළිවෙළක් සමග රට ගැන හිතන සියලු දෙනා එක්කර ගනිමින් ඉදිරියට යායුතුයි.” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan