ඇමසන් අවදානම් තත්වයක

Date:


නියඟය, ලැව්ගිනි සහ වන විනාශය නිසා ඇති වන හානියෙන් ලොව විශාලතම වැසි වනාන්තරය පෘතුවියට අහිමි වෙමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ Exeter විශ්ව විද්‍යාලය, Potsdam institute for Climate Impact Research (PIK) සහ මියුනිච් හි තාක්ෂණික විශ්ව විද්‍යාලය විසිනි.වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමේදී නිවර්තන වනාන්තරවලට වඩා බෙහෙවින් අඩු කාර්යක්‍ෂමතාවක් ඇති විශාල වගරු, විරල වනාන්තර සහිත සැවානා බවට පත් විය හැකි බවත් මෛ පර්යේෂකයින් පෙන්වා දෙයි.මෙම තත්වය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වනු ඇත.මීට පෙර කරන ලද අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ ඇමේසන් හි ඇතැම් කොටස් මේ වන විට අවශෝෂණය කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන බවයි.දශක තුනක චන්ද්‍රිකා දත්ත මත පදනම් ව සොයාගැනීම් සිදු කරමින්, ඇමසන් වැසි වනාන්තරයේ පැවැත්ම පිලිබඳ වත්මන් තත්වය පෙන්නුම් කරයි.

බොහෝ දුරට දේශගුණික විපර්යාස මෙන්ම වන විනාශය සහ ලැව්ගිනි වැනි මානව බලපෑම් නිසා ඇති වන බලපෑමෙන් ගස් යථා තත්ත්වයට පත්වීමට වැඩි කාලයක් ගත වීමත් සමඟ වනාන්තරයෙන් 75% කට වඩා ඔරොත්තු දීමේ හැකියාව නැති වී යාමේ සලකුණු ඉස්මතු වී තිබේ.එවැනි තීරණාත්මක අවස්ථාවට ළඟා විය හැක්කේ කවදාද යන්න පැහැදිලි නැති අතර, දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.අධ්‍යයනය සිදු කල පර්යේෂකයින් අනාවැකි පළ කරන්නේ ඇමසන් වනාන්තරයේ සැලකිය යුතු කොටසක් සැවානා බවට පරිවර්තනය වීමට දශක කිහිපයකට පෙර විය හැකි බවයි .

එය තෘණ බිම් සහ ගස් මිශ්‍රණයකින් සෑදී ඇති විශාල වෙනස් පරිසර පද්ධතියකි.”Amazon විසින් කාබන් විශාල ප්‍රමාණයක් ගබඩා කරන අතර ඒ සියල්ල වායුගෝලයට මුදා හරියි. එය තවදුරටත් උෂ්ණත්වය ඉහළ යාමට දායක වන අතර ගෝලීය මධ්‍යස්ථ උෂ්ණත්වයට මෙම තත්වය අනාගත බලපෑම් ඇති කරයි.පූර්ව කාර්මික කරනයට සාපේක්ෂව ලොව වැසි වනාන්තරවලින් පහෙන් එකක් පමණ දැනටමත් අහිමි වී ඇති බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

1991 සිට 2016 දක්වා චන්ද්‍රිකා දත්ත මත පදනම් වූ මෙම සොයාගැනීම Nature Climate Change සඟරාවේ පළ කර ඇත.

SAHAN HEWAGAMAGE – OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...