විදුලි බිලත් ඉහළට – අවසන් තීරණය අද

Date:

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

කෙසේ නමුත් මිල වැඩි කරන ප්‍රතිශතය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත. ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් කෝටි 25,000 ක පාඩුවක් ලබමින් සිටින අතර විදුලි බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් පවසන්නේ.

ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය වැඩිවීම, විදුලි ඒ්කකයකින් ලබන පාඩුව ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම ඉහළ දැමීම සිදු කෙරේ. පසුගිය වසර 09 ක කාලය තුළ මිල වැඩි නොකිරීමද මිල ඉහළ දැමීමේදී සලකා බැලේ.

මේ අතර ජලසම්පාදන මණ්ඩලය පවසන්නේ විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළහොත් ජල ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බවයි. ජලය පොම්ප කිරීම සඳහා විදුලිය භාවිතා කිරීමට සිදුවන බැවින් ජල සැපයුමට අදාල පිරිවැයද ඉහළ යන බවයි ජලසම්පාදන මණ්ඩලය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...