ආණ්ඩුව බටලන්ද වාර්තාව සභාගත කළේ පෙරටුගාමීන්ට බයේ. මේකෙන් මොකුත්ම වෙන්නෑ – රාසා කැට තියා කියයි

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළත් ඉන් ඉදිරියට ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණාත්මක දෙයක් සිදුවන්නේ නැති බව ඉලංගෛ තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පවසයි.

“බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීම හරහා ජනතා විමුක්ති පෙරමුණ කරපු මනුෂ්‍ය ඝාතනවල ලැයිස්තුත් ප්‍රකාශයට පත්වන නිසා මෙම කොමිෂන් සභා වාර්තාවෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ මේක සභාගත කළේ නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තවත් කෑලි 10කට විතර කඩනවා. මේකට තියෙන බය නිසා තමයි මේක ටේබල් කළේ. ඒ නිසා කොමිෂන් සභා වාර්තාවෙන් මුකුත් වෙන්නේ නැහැ. මම දන්න විදිහට ජේවීපි එකේ මේ ඉන්න නායකයෝත් ඒ දවස්වල අවුරුදු 18-20 අය. බටලන්ද කොමිසම හරහා ජේවිපි එක කරපු ඝාතනවලත් දැන් ලිස්ට් එලියට එනවා. ඒවා සම්බන්ධව පරීක්ෂණ කරන්න වෙන හින්දා ජේවිපි එකේ ගොඩක් අය කැමති වුණේ නෑ මේක සභාගත කරනවාට. මේකෙන් වෙන්නේ සභාගත කිරීම පමණයි. මම අද කැට තියලා කියුවා කියලා හිතාගන්න. කතානායකතුමා සංවේදි වෙනවා මම දැක්කා. අපිත් සංවේදී මේවගේ දේවල්වලට. හැමදේකටම සංවේදී වෙනවානම් හොඳයි”

ශානක්කියන් රාසමානික්කම් මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...