පැරිස් රන් දිනූ – ග්ලාස්ගොව් රන් නොදිනූ – මහුචික් සහ ජාකොබ් ද නැන්ජින් තරග බිමට

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 16, (LNW)කොළඹ

ග්ලාස්ගොව් හී පැවති ගෘහස්ත ලෝක සූරතාවලියේ දී සූරතාවයන් දිනා ගන්නට නොහැකි වූ එහෙත් පැරිස් ඔලිම්පික් හී රන් පදක්කම් දිනූ උස පැනීමේ සූරී යුක්රේනයේ යාරොස්ලාවා මහුචික් සහ නෝර්වේ නියෝජනය කරමින් මීටර් 1500 සහ 3000 නියෝජනය කරන ජාකොබ් ඉන්ජෙබ්‍රිග්ට්සන් ද හෙට (මාර්තු 17) ඇරඹෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීමට නියමිතය.ඔවුන් දෙදෙනා හැරුණු විට පැරිස් ඔලිම්පික් ජයග්‍රාහකයන් මෙන්ම,2024 ග්ලාස්ගොව් හී පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ සූරයින් වූ මොන්ඩෝ ඩුප්ලැන්ටිස් (රිටි පැනීම), ග්‍රාන්ට් හොලෝවේ (මීටර් 60 කඩුලු පැනීම), හමිෂ් කර් (උස පැනීම), තියා ලෆොන්ඩ් (තුන් පිම්ම), මිල්ටියාඩිස් ටෙන්ටොග්ලූ (දුර පැනීම) යන ක්‍රීඩක ක්‍රිඩිකාවන්ද මෙහිදී සටනට එති.

සත්කාරක චීනය නියෝජනය කරමින් තරග වඳින මලල ක්‍රීඩක කණ්ඩායමේ ඔලිම්පික් සූරතාවය දිනූ සහ දෙවරක් ලෝක යගුලිය වීසි කිරීමේ රන් පදක්කම්ලාභී ගොං ලිජියාඕ සහ දෙවරක් තුන් පිම්ම පදක්කම්ලාභී ෂු යාමිං කැපී පෙණෙයි.

කෙටි දුර, කඩුලු සහ සහය දිවීමේ ඉසව් මාර්තු 17 වන සඳුදාත්, මාර්තු 18 වන අඟහරුවාදා දුර දිවීම් සහ මිශ්‍ර ඉසව් ක්‍රියාත්මක සම්බන්ධයෙනුත්, මාර්තු 19 වන බදාදා පිටියේ ඉසව් සම්බන්ධයෙනුත් තරග වඳින ආකාරය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කිරීමට නියමිතය.මේ වන විට මෙම තරගාවලියට කාන්තාවන් 264 ක් සහ පිරිමින් 312 ක් ලෙස 576 දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් කවරේද යන්න මේ වන විට ප්‍රසිද්ධ කර ඇත.

Entry lists by country මේ හරහා ඒ ඒ රටවල් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුරුන්ද යන්න පිළිබදව මෙන්ම ඔවුන්ගේ ඉසව් කවරේද යන්න දැක ගැනීමට හැකිය.එසේම ඒ ඒ ඉසව් නියෝජනය කිරීමට තේරී සිටින ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ කාලීන දක්ෂතාවය කවරේද යන්න පහතින් දැක ගැනීමට හැකියාව ඇත.
Entry lists by event and season’s best

ශ්‍රී ලංකාවෙන් මේ තරගාවලියට මීටර් 60 ඉසව්වය චමොද් යෝධසිංහත්,මීටර් 60 කඩුලු ඉසව්වට කවීශ බණ්ඩාරත් සහ මීටර් 400 ඉසව්ව සඳහා කාලිංග බණ්ඩාරත් සහභාගි වන අතර ඔවුන් මූලික වටයේ කුමන මූලික තරගයකට ක්‍රීඩා කරනවාද යන්න මාර්තු 17 වන දා ප්‍රකාශයට පත් වීමට නියමිතය.මේ සමඟ තරගාවලියේ සමස්ත කාල සටහන දක්වා ඇත.

https://bit.ly/4kt5b9b

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...