*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

2022 ආර්ථික සංකෝචනය

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් අද ප්‍රකාශයට පත් කර ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව ගෙවුණු 2022 වසර තුළ ලංකාවේ ආර්ථිකය 7.8%කින් හැකිළී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ හැකිලීම 4.6%ක්ද, කාර්මික අංශයේ හැකිලීම 16.0%ක්ද වන අතර සේවා අංශය 2.0කින් හැකිළී තිබෙනවා. මේ අනුව, ආර්ථිකයේ ප්‍රමාණය මේ වන විට තිබෙන්නේ 2016දී පැවති මට්ටමට වඩා මඳක් පහළින් හා 2015 පැවති මට්ටමට ඉහළින්.

වසර තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතය 37.2%කින් ඉහළ ගොස් ඇතත්, එම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ 48.8%කින් මිල මට්ටම ඉහළ යාමයි. මිල මට්ටම ඉහළ යාම නිසා ඒක පුද්ගල ආදායම ප්‍රථම වරට රුපියල් මිලියනය ඉක්මවමින්, රුපියල් 1,060,654 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, වසර තුළ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා මෙය සමාන වන්නේ ඇමරිකන් ඩොලර් 3,268ක ඒක පුද්ගල ආදායමකටයි. මෙය 2013 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඇමරිකන් ඩොලර් 3,280ට වඩා මදක් අඩු මට්ටමක්.

මෑතකදී ෆිච් සොලියුෂන්ස් ආයතනයේ වාර්තාවක 2022දී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලෙනු ඇති බවත්, 2023දී 3.0%කින් ඉහළ යන බවත් වාර්තා කර තිබුණා. ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන්නේ ඔවුන්ගේ එම ඇස්තමේන්තු නිවැරදි නොවන බවයි. වසර තුළ ආර්ථිකය හැකිළී තිබෙන්නේ 7.8%කින් පමණයි. මේ හේතුව නිසාම 2023 වසර සම්බන්ධව ෆිච් සොලියුෂන්ස් ආයතනයේ පුරෝකථනයද නිවැරදි නොවීමට ඉඩකඩ වැඩියි.

මූඩීස් ආයතනය විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ 2022දී 8.0%කින්ද, නැවත 2023දී 3.0%කින්ද ආර්ථිකය හැකිලෙනු ඇති බවයි. මෙම ඇස්තමේන්තුව ඉහත ෆිච් සොලියුෂන්ස් ඇස්තමේන්තුවට වඩා නිවැරදි විය හැකියි. බොහෝ දුරට, ලංකාවේ ආර්ථිකය නැවත වර්ධනය විය හැක්කේ 2024 වසරේදීයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan