*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

රවීට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්..

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පොදු දේපළ පනත යටතේ වන අධි චෝදනාවලින් නිදහස් වූ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි සෙසු අධි චෝදනාද පවරා පවත්වාගෙන යාමට නීතිපතිවරයාට නොහැකි බව තීන්දු කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කර ඇති බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (15) දන්වා සිටියේය.

රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පසුගිය 28 වැනි දින මෙම තීරණය ලබා දී ඇති බවත් අදාළ තීන්දුව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සිය ස්ථාවරය මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් විනිසුරු මඬුල්ල සඳහන් කළේය.මෙම තීන්දුව ලබාදී ඇත්තේ නඩුවේ දෙවැනි විත්තිකාර රවි කරුණානායක මහතාට පමණක් බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සෙසු විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනාවලට අගති රහිතව මෙම තීන්දුව නිකුත් කර ඇති බවද සඳහන් කළේය.මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉර්ෂඩීන් යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව කැඳවීය.

රවි කරුණානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.රවි කරුණානායක මහතා මහාධිකරණයේ අධි චෝදනාවලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම සලකා බලා අභියාචනාධිකරණය තීන්දුව නිකුත් කර ඇති බවත්, එම තීන්දුව ප්‍රකාරව රවි කරුණානායක මහතාට එරෙහි අධි චෝදනා පවරා පවත්වාගෙන යෑමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අදාළ තීන්දුව උපුටා දක්වමින් පැවසීය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ දක්වා තීරණයක් කර නොමැති බැවින්, නීතිපතිවරයාගේ ස්ථාවරය මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ නොහැකි බවත් ඊට කාලය ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේය. අදාළ තීන්දුව සම්බන්ධයෙන් ගත යුතු තීරණ කුමක්ද යන්න තීරණය කිරීමට තවත් සති හතරක කාලයක් නීතිපතිවරයාට නීත්‍යානුකූලව හිමිව ඇති බැවින් ඒ සඳහා දින ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

2016 වසරේ මාර්තු මස 29 වනදා සිදු කළ බැඳුම්කර වෙන්දේසිවලදී රුපියල් බිලියන 36.8ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු සඳහන් කෙරිණි.භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත ඇතුළු අධි චෝදනා 32ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබූ අතර අධි චෝදනා 11කින් විත්තිකාර රවි කරුණානායක මහතා ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය මීට පෙර තීන්දු කළේය.හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ගාර්ධි පුංචිහේවා විත්තිකරුවන් විදෙස්ගතව ඇති බැවින් ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරිණි. නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව අප්‍රේල් 27 කැඳවීමට නියම කෙරිණි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan