*
Friday, March 29, 2024
spot_img

Latest Posts

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාදයි

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බවයි.
විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ දීමනා වැඩි කළත් මෙතෙක් ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්බන්ධ නොවීම හමුවේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු නිසි පරිදි ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි.

විභාග කොමසා‍රිස් ජෙනරාල්වරයා පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අධීක්ෂණය සඳහා සම්බන්ධ නොවීම හමුවේ තවදුරටත් එම කටයුතු අඩාල වී ඇති බවයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බැන්නහැක මහතා සඳහන් කළේ, සිය සංගමය තවදුරටත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවීමට තීරණය කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan