*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ජනප්‍රියතාවාදය නැමති වට්ටෝරුවේ පළමු අමුද්‍රව්‍යය මුසාවයි!

මෙගන් ට්‍රේනර් සහ ක්‍රිස් ඕල්සන් ගේ සුසංයෝගය සෛද්ධාන්තය කරගනිමින් දිවෙන මෙම සටහන ඔබට හිතීමට යමක් එකතු කරනවා යන්න සැකයක් නොවේ.

අපි බලමු මේ කුතුහලයට පාදක වන කරුණු සහ ඉන් මතුවන ඇතුළාන්තය කෙබඳු ද යන්න.

ටික්ටොක් යනු අදවන විට බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා සමාජ මාධ්‍යයකි. එහි ‘ටික්ටොකර්’ කෙනෙකු ලෙස නම් දැරූ ක්‍රිස් ඕල්සන් සහ ජනප්‍රිය ගායිකාවක් වන මෙගන් ට්‍රේනර් එක්ව විවිධාකාර නිර්මාණයන් සිදු කරන අතර පසුගිය සතිය වන විට ක්‍රිස්ගේ ප්‍රධාන ටික්ටොක් ගිණුමෙහි ටික්ටොක් වීඩියෝපට තුළින් මෙගන් වඩාත් කැපී පෙනෙන්නට විය.


ඉතින් මෙලෙස ක්‍රිස් සහ මෙගන් අතර මෙම සමීප සම්බන්ධය ඇති වූයේ කෙසේද? ඔවුන්ගේ සම්බන්ධතාවයේ ස්වභාවය කුමක්ද? මේක ඕනෑම අයෙකුට ඇතිවන පැනයකි. ටික්ටොක් වෙනයි ගායිකාවක්ගේ භූමිකාව වෙනයි.



මෑතකදී ක්‍රිස් පළ කර තිබුණා පින්තූරයක්, නමුත් ඒ පින්තූරය ෆොටෝෂොප් කර තිබුණ එකක් බවද නොයෙකුත් අදහස් පළ විය. මෙය මෙගන් සහ ක්‍රිස් කුඩා කළ පටන් මිත්‍රයන් බවට හැඟවෙන ඡායාරූපයක් විය. නමුත් ක්‍රිස් පසුව පවසා තිබුණේ මෙවැන්නක්.



“අපි එකට කළ පළමු වීඩියෝව අපි කුඩා කළ පටන් මිතුරන් යැයි හැඟවෙන බවක් නිරූපණය කළා. නමුත් අප කුඩා කළ පටන් මිතුරන් නොවෙයි. අපි එය කරමින් ලෝකය රැවටුවා, වගේම අපි එය දිගටම ඉදිරියට ගෙන ගියා. එය කෙතරම් විනෝදජනක කුඩා විහිළුවක් ද යැයි අපට සිතුනා.”

අගෝස්තු මාසයේදී ක්‍රිස්, එන්ටර්ටේන්මන්ට් ටුනයිට් වෙත පවසා සිටියේ එවැන්නකි.

පසුකලක, ක්‍රිස් යනු මෙගන් විසින් සිය ජනප්‍රියතාවය ඉහළ නංවා ගැනීම සඳහා මුදල් දී කුලියට ලබා ගත් පුද්ගලයකු බවට සමාජ මාධ්‍යවල අදහස් පළවන්නට පටන් ගත් අතර, මේ පිළිබඳව ද ඉතා බැරෑරුම් ස්වරූපයෙන් ක්‍රිස් වරක පොඩ්කාස්ට් සාකච්ඡාවක දී පවසා සිටියේ “ඔව් මෙගන් විසින් තමා මුදල් ලබා දී කුලියට ගත් බවත්, ඈ සමඟ පවතින ගිවිසුම අවසන් වූ පසු ඈ සමඟ කතා කිරීමට වත් තමාට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් ය.”

මෙම ප්‍රකාශය ද අසත්‍යයක් බව පසුකලක පවසන ක්‍රිස්, වැඩිදුරටත් කියා සිටියේ දැන් වන විට තමා සහ මෙගන් අතර පවතින සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් වී ඇති බවයි.



මෙහි තේරුම කුමක්ද? වෙලාවකට එයාව දන්නේ පොඩිකාලෙ ඉඳන් ලු; තවත් වෙලාවකට විඩියෝවකට කරන බොරු රඟපෑමක් ලු; තවත් වෙලාවකට මන් එයා එක්ක ඉන්න ආසයි ලු?!

සමාජ මාධ්‍ය, ජනප්‍රියතාව, ප්‍රතිරූපය කියන්නේ ප්‍රෝඩාවක් ද? ඇත්ත වශයෙන්ම ලොකුම ලොකු ප්‍රෝඩාවක්! සිරියාවතීලා Angel Siriya වෙනවනම් සුගත්ලා Suga Max ලා වෙනවනම් ඉස්සරහට සෝෂල් මීඩියා සහ මිනිස්සු කියන්නේ වෙනම ලෝකෙක ජීවත් වෙන වෙනම ෆැන්ටසියක් කීවොත් මා නිවැරදි ය.

අද මිනිස්සු ලස්සන තැනකට වුවත් යන්නේ හුදෙක් ඔවුන්ගේ මානසික සුවයටත් වඩා, ඡායාරූප, වීඩියෝපට, ස්ටෝරි සහ ස්ටේටස් ටික පුරවගෙන දඟලන්න ය. මෙය ඔවුන් විසින් ගන්නා වෙනම ආතල් එකකි.

ඉතින් මේ සෝෂල් මීඩියා වල ලයික්ස්, කමෙන්ටු, වීව්ස් වැඩි කරගෙන ඒවායෙන් ටික ටික ජනප්‍රිය වෙන්න දඟලද්දී බොරුව කියන සංකල්පය හරිම පටු මාතෘකාවක් බවට නොසිතාම පෙරලෙනවා විය හැක. තමන්ගේ ආත්මය පාවා දීලා හරි ජනප්‍රියත්වය රැකගන්න අද මිනිස්සු මේ ජීවන අරගලයේ යෙදෙන බවක් ක්‍රිස්ගෙයි මේගන්ගෙන් අමුතු පන්නයේ ස්ටෝරියෙන් කිව හැකියි.

ක්‍රිස් යනු ක්‍රිස්ට අනුවම දැඩි මානසික සෞඛ්‍ය ගැටලු සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමෙන් පීඩා විඳි පුද්ගලයෙකි. එමෙන්ම තමා සමරිසි බැවින් ඒ සමඟ පැවති සමාජ අරගලය පිළිබඳව ද විටින් විට කතාබස් කරන චරිතයකි. මේ සියලු කරුණු මත ක්‍රිස් ඉතාමත් ශක්තිමත් ෆෑන් බේස් එකක් ටික්ටොක් හි තනාගෙන ඇත. මේ සියලු කරුණු මත තම ප්‍රතිරූපය නඩත්තුකර ගැනීමට මෙගන් කන්ඩියුටයක් වනවා ද යන්න අප දන්නේ නැත.

එහෙත් එක දෙයක් පැහැදිලි ය. ක්‍රිස්ට අනුව, රසිකයන්ට මුසාවක් පැවසීම විහිලුවකි. එය විනෝදය ගෙන දෙන ක්‍රියාවකි. ක්‍රිස් සහ මෙගන් ගේ බැඳියාව ගැන දෙවරක් මුසාබස් පැවසූ ක්‍රිස් දැන් පවසන්නේ දෙපළ අතර පවතින්නේ 2022 අප්‍රේල් මාසයෙන් පසු බිහි වූ සැබෑ මිත්‍රත්වයක් බවයි. ඉතින් මෙගන් ට්‍රේනර් සහ තමා අතර පවතින සබඳතාවය පිළිබඳ දෙවරක් රසිකයන්ට මුසාබස් දෙඩූ ක්‍රිස් ඕල්සන් ට තුන්වන වරටත් මුසාවක් පැවසිය නොහැකි ද?

ක්‍රිස් ඔල්සන් තුන්වන වරට නොව, සියවන වරටත් රසිකයන් අමතා මුසාවක් පැවසුව ද ඉන් විශ්වාසනීයත්වයට සිදුවන හානියක් පිළිබඳ ක්‍රිස්ට වත් මෙගන් ට වත් අදාළ වන්නේ නැත. මන්ද දවස අවසානයේ වාණිජ සමාජ මාධ්‍ය ගිණුම්වලට වැදගත් වන්නේ වීව්ස් ප්‍රමාණය, ලයික්ස් ප්‍රමාණය, ෂෙයාර්ස් ප්‍රමාණය, කමෙන්ටු අංශයේ එකිනෙකා ඇණකොටා ගන්නා රසිකයන්ගේ ඩ්‍රාමා, සහ ඒවායින් පවත්වා ගන්නා වෙබ් අඩවියේ සක්‍රියතාවය මත වැටෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණය, ව්‍යාපාරභවතුන්ගෙන් ලැබෙන ආයෝජන, සහ ජනිත වන ඩොලර් ප්‍රමාණය පමණි.

ඒ ගැන රසිකයන්ට ද ගානක් නොවනු ඇත. මේ කාලයේ සමාජ මාධ්‍යය යොදා ගැනේනේ ම පීඩක යතාර්ථයෙන් මිදී දේදුනු පැහැති සයිබර් රියැලටියක ජීවත් වන්නට ය. ඉතින් ජනප්‍රිය පුද්ගලයකු මුසාබස් පවසන තරමට, ෆෑන්ඩම් එක ශක්තිමත් වනවා හැරෙන්න බිඳ වැටීමක් සිදුවන්නේ නැත. වාණිජකරණය වූ ලෝකය තුළ මිනිසුන් රූකඩ බවට පත්වෙමින් සූරාකෑමට ලක්වන අයුරු, ජනප්‍රියතාවාදයට නතු වූ සමාජයේ හටගන්නා ඛේදවාචකයන් ඉදිරියේ මින්සුන් අන්ධයන් බවට පත් වන අයුරු… එකී මෙකී නොකී දාර්ශනික කතා, ලොරි ටෝක් අදාළම නැත.

ඒ ගැන දොඩමළු වන්නට යන අප ද දුෂ්ටයන් වනු ඇත. ආතල් කඩන්නේ නැතුව “ෆෝ යූ” ෆීඩ් එක ස්වයිප් ඩවුන් කරමින් දිගටම පල්ලෙහාට යාමට සිදුවනු ඇත.

ටික් ටොක් ඊට කදිම තෝතැන්න ය.

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan