පාන්,  කේක් ඇතුළු බේකරි නිෂ්පාදන අලෙවිය පහළ ගිහින්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): පාන්,  කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩුකර ජනතාවට සහන සැළසිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. බේකරි නිෂ්පාදන සාධකවල මිල අඩුවීම මෙයට හේතුවයි.

බේකරි නිෂ්පාදන සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ද පසුගිය කාලය තුළ ඉහළ ගිය අතර ඊට සමගාමීව පාන්,  කේක් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමුණු අතර, බිත්තර,  සීනි,  මාගරින් වැනි අමුද්‍රව්‍ය වල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ කේක් මිලද ඉහළ ගිය අතර මීට වසර තුනකට පමණ පෙර කේක් කිලෝවක් මිලදී ගත් මුදලෙන් මේ වනවිට මිලදී ගත හැක්කේ කේක් ග්‍රෑම් 250ක් වැනි සුලු ප්‍රමාණයකි.

මෙම අර්බුද හමුවේ පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම හමුවේ සියලුම බේකරි නිෂ්පාදනවල ඉල්ලුම ද පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...