*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රජයේ පාසල්වල 3 වැනි ශ්‍රේණියේ දරුවන් පිළිබඳ කණගාටුදායක තත්ත්වයක්

අධ්‍යාපන අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් නිගමනයට එළැඹී ඇත්තේ මෙරට රජයේ පාසල්වල 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් 90%කට පමණ ප්‍රමාණවත් සාක්‍ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බවයි.

මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ, කොවිඩ් හේතුවෙන් පාසල් වැසීමෙන් දරුවන්ට වූ බලපෑම සෙවීම සඳහායි. දරුවන්ගේ සවන්දීම, කථනය, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ආදී හැකියාවන් පරීක්‍ෂාවට ලක් කර තිබූ අතර අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ දරුවන්ගේ සාක්‍ෂර හැකියාව 34 % ක් සහ සංඛ්‍යා දැනුම 7% ක් තරම් අඩු මට්ටමක පවතින බව සමීක්ෂණයේදි හෙළිවී ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009ක 3 වැනි ශ්‍රේණියේ දරුවන් 10,000 ක් ඒ සඳහා යොදා ගෙන ඇති බවත් සමීක්ෂණය සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ 27%ක පිරිසක් බවත්ය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ දරුවන්ගෙන් 73% ක් එම කුසලාතාව අසමත්වී තිබූ අතර කථන කුසලතාව සමත් වී ඇත්තේ දරුවන්ගෙන් 20% ක් පමණයි. 80% ක පිරිසක් එය අසමත්වී ඇති බවයි.

පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් 26% කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් නොතිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙයි .

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan