Microsoft කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නව මෙවලමක් බිහිකරයි .

Date:

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බලගැන්වෙන නව මෙවලමක් හඳුන්වා දෙන Microsoft ආයතනය පළමුවරට මෙය සිදු කරනුයේ සිය පරිශීලකයින් වෙනුවෙන්මයි. Microsoft 365 Copilot නම් මෙම නව මෙවලම Word, Excel, PowerPoint, Outlook සහ Teams වැනි බහුලව භාවිත කරන මයික්‍රොසොෆ්ට් යෙදුම් හා ක්‍රියාත්මක වනු ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසයි.මෙහිදී වර්තමානයේ භාවිත වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් (AI) ක්‍රියාත්මක ChatGPT මෙන්ම ක්‍රියාත්මක බහු භාෂා මාදිලියකින් සහය සැලසෙන අතර Microsoft 365 Copilot හඳුන්වාදීම දෙයාකාරයකින් සිදු කර ඇත.

පළමුව, එය Word, Excel, PowerPoint, Outlook සහ Teams වැනි දෛනිකව භාවිත කරන යෙදුම් තුළට යොදා ඇත. මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ දෙවනුව, විශාල භාෂා ප්‍රමාණයක් ආවරණය කරමින් Microsoft 365 යෙදුම හරහා ක්‍රියා කරන Business Chat නමින් නව අත්දැකීමක් ලබා දෙන බවත් , නව හඳුන්වා දීම යටතේ සිය පරිශීලකයින්ට මයික්‍රොසෆේට් යෙදුම් හරහා මීට පෙර සිදුකර ගැනීමට නොහැකි වූ බොහෝ කාර්යයන් සිදුකර ගත හැකි බවයි. Business Chat මගින් රැස්වීම්, ඊමේල් සහ chat threads යාවත්කාලීන කිරීම් පවා සිදු කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.

⏩️ Copilot ක්‍රියා කරන්නේ…

Word භාවිතා කරන පරිශිලකයින්ට Copilot මෙවලම භාවිත කරමින් ක්‍රෘත්‍රිම බුද්ධියේ ද සහාය ලබමින් පහසුවෙන් ලිවීමට, සංස්කරණය කිරීමට සහ සාරාංශ කිරීම් සිදු කළ හැකි වනු ඇත.තව ද Copilot භාවිත කරමින් PowerPoint ඔස්සේ, භාෂා විධානයක් මගින් සැලසුම් කළ ඉදිරිපත් කිරීමක් (presentation) පහසුවෙන් සකසා ගත හැකි වනු ඇති අතර , මේ හරහා සාරාංශකරණ, ඊ-මේල් ලිවීමට උදව් වීම ද සිදු කරයි. මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ, තවදුරටත් පරීක්ෂණ කරමින් පවතින්නේ Microsoft 365 යෙදුම විශාල භාෂා ප්‍රමාණයක් සමග ඒකාබද්ධ කරමින් නිර්මාණශීලීත්වය, ඵලදායිතාව වැඩි කිරීම සඳහා බවයි. G

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා?