එදා ගෝඨාභයට ඡන්දය දුන්න 69 ලක්ෂය දැන් ඉන්නේ අපේ පක්ෂය එක්කයි – අනුර

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාව දැන් සිටින්නේ ජාතික ජන බලවේගය සමග බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දැන් රනිල් මහත්තයා තව පාරක් ආවොත් ගොඩයයි කියලා හිතනවද ? හැමදාම ඕනෙ නම් කොමඩි චිත්‍රපටියක් බලන්න පුළුවන්. මොකද කියන්නෙ ? නිකම් හොරෙක් නැතිවුණොත් අප්සෙට් වගේද ? එහෙම නෑනෙ ? ලංකාවේ ගෝඨාභය එළවනකොට වව්නියාවෙ ජනතාව පාරට බැස්සෙ. මෑත ඉතිහාසයේ ලක්ෂ 69ක් ගත්ත ජනාධිපති කෙනෙක් ජනතාව පාරට බැහැලා පළවා හැරියා. මෙතන බහුතර අය කවුද ? 2019 දුන්නෙ කාටද ? ගෝඨාභයටනෙ ? අද ඒ ජනතාව එකතුවෙලා ඉන්නෙ කාත් එක්කද ? ජාතික ජන බලවේගයත් එක්ක. මම බෝගස්වැව අපේ අනුර සහෝදරයාත් එක්ක කතා කළා. මම ඇහුවා කොහොමද තත්වෙ කියලා. යූඑන්පී කාරයෙක් බෙහෙතකට හොයාගන්න නෑ කිව්වා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ වව්නියා දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් ගුණවතාණෙනි, සුබ උපන්දිනයක් වේවා!

(සැප්තැම්බර් මස 29 දිනට යෙදෙන කරු ජයසූරිය මහතාගේ උපන්...

අයිස් කන්ටේනර් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශයක් ලබාගැනීමට SDIG රන්මල් කොඩිතුවක්කු CIDයට කැඳවයි

කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

චිරං ජයතු කරූ !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...