නඩු දැමීම : කෝප් සභාපති රෝහිතට විජිතගෙන් ප්‍රතිචාර !

තමන්ට අපහාස නඩු පවරන බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

“හොරාට හොරා කිව්වාම කලබල වෙනවා. හොරාට හොරා කියන්න අපි බය නෑ. ඇයි බය නැත්තෙ ? හොරා හොරා කියන්නෙ නැතුව මොකක්ද කියන්නෙ ? දැන් බස් එකේ යනකොට කෝච්චියෙ යනකොට ඔයාලාගෙ පර්ස් එක පොකට් ගැහුවොත්, මාලෙ කඩාගෙන දුවන හොරාට කියනවා අන්න හොරෙක් අන්න හොරෙක් හොරා හොරා කියලා. හොරාව අල්ලලා දෙනවානෙ පොලීසියට. හොරාව පොලීසියෙන් දානවා උසාවියට. උසාවියෙන් නඩු අහනවා. නඩු අහලා අන්න තීන්දුව දෙනවා හොරකම කළාද නැද්ද කියලා. රෝහිත අබේගුණවර්ධන මම හොරා කිව්වා කියලා මට විරුද්ධව උසාවි යනවාලු, නඩු යනවාලු, එන්තරවාසි එවනවාලු. බොහොම හොඳයි. අපටත් අනගි අවස්ථාවක් තියෙනවා උසාවියේදී කරුණු ඉදිරිපත් කරන්න ඇයි අපි එහෙම කිව්වෙ, මොකක්ද හේතු, මේ රටේ ජනතාවට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මහජන නියෝජිතයෝ කියාගන්න අය කරපු අපරාධ, දූෂණ මොනවද කියන එක”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (17) බලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...