වී ගන්න සල්ලි දුන්නෙ නෑ. දැන් කිලෝ 20 බෙදන්න මහා පරිමාණ මෝල්කාරයින්ගෙන් වැඩි මිලට හාල් ගන්න වෙනවා – මහින්දගෙන් චෝදනා

Date:

තමන් වී මිලදී ගැනීම සඳහා ආරම්භක අවස්ථාවේදීම මුදල් ඉල්ලා සිටියත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ඊට බාධා කළ බවත් දැන් අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20 බැගින් ලබාදීම සඳහා රජයට මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් වැඩි මිලට සහල් මිලදී ගැනීමට සිදුවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ප්‍රශ්නය – ඇයි මේ සැරේ වී මිලදී ගන්න සල්ලි දුන්නෙ නැත්තෙ ආණ්ඩුව ?

“අඩුපාඩුවක් තියෙනවා. මම මුදල් ඉල්ලා සිටියා ආරම්භක අවස්ථාවේ වී ගන්න. අවාසනාවකට ඒක අපට ලැබුණෙ නෑ. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුට වුවමනාවක් නෑ මේ වී මිලදීගැනීමේ කටයුත්තට රජයේ දායකත්වය ලබාගන්න”

ප්‍රශ්නය – ඔබතුමන්ලාට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කන්දරාව අඩුකරගන්න ආණ්ඩුවට ඒක බර තියන්න පුළුවන්, ගොවීන්ගෙ වී ටික මිලදී ගන්න සල්ලි දෙන්න තමයි අමාරු ?

“ඒක තමයි තියෙන ප්‍රශ්නය. සමහර වෙලාවට ඒගොල්ලො කියනවා වී අලෙවි මණ්ඩලයේ ණය තියෙනවා කියලා. ණයවලටත් හේතු තියෙනවා. එකක් සතොසට දීපුවාගේ සල්ලි හම්බවෙලා නෑ. අනික අපි වී ගත්තු මිලට වඩා අඩුවෙන් හාල් විකුණන්න කියලා රජය තීන්දු ගන්නවා. එක වතාවක් 165 ට හාල් විකිණෙන වෙලාවේ කියනවා 100 ට දෙන්න කියලා. එතකොට පාඩු වෙනවානෙ”

ප්‍රශ්නය – ඇයි මේ ක්‍රියාවලිය මුදල් අමාත්‍යාංශය යටතේ සිද්ධ කරන්නෙ ?

“ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ”

ප්‍රශ්නය – හැබැයි දැන් කෝටි 50ක් දුන්නා කිව්වා ?

“නිලධාරීන් මොනවා කිව්වත් ජනාධිපතිතුමා ප්‍රබලව මැදිහත් වෙලා තමයි කෝටි 50ක් අපට ලබාදෙන්නෙ වී මිලදී ගැනීම සඳහා”

ප්‍රශ්නය – ඉතින් දැන් කෝටි 50ක් දීලා මොකටද ? දැනටම මහා පරිමාණ මෝල් කට්ටිය වී ටික අරගෙන ගොඩගහලා ඉවරයි ?

“ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගොවීන්ට සාධාරණ මිලකට වී විකුණාගන්න තිබුණු අවස්ථාව සමහර අයට මගහැරුණා. අපට මේ කෝටි 50න් වී ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා”

ප්‍රශ්නය – දැන් අඩු ආදායම්ලාභීන්ට හාල් කිලෝ 20ක් දෙනවා කිව්වානෙ ජනාධිපතිතුමා. සල්ලිත් නෑ, වී අලෙවි මණ්ඩලය සතුව වීත් නැතුව කොහෙන්ද ගන්නෙ සහල් ?

“ඇත්තටම මුදල් අමාත්‍යාංශය කළ යුතුව තිබුණෙ වී අලෙවි මණ්ඩලයට මුදල් ටික දුන්නා නම් යම් ප්‍රමාණයක් අපි වී අරගෙන සාධාරණ විදියට ඒ වී ටික කොටලා දෙනවා. දැන් අපට හාල් දෙන්න වෙන්නෙ නෑ”

ප්‍රශ්නය – එතකොට කොහෙන්ද ඒ සහල් ගන්නෙ ?

“මිනිස්සුන්ට බෙදන්න වෙන්නෙ මෝල්කාරයින් ළඟ තියෙන හාල් අරගෙන තමයි. ඉතින් අනිවාර්යයෙන්ම වැඩි මිලකට තමයි ඔවුන් දෙන්නෙ”

ප්‍රශ්නය – ඒකද මෙච්චර මේ මෝල් කට්ටියගෙ උනන්දුව වී මිලදී ගන්න ?

“ඒගොල්ලො ඒක තමයි ගන්නෙ. ඒ අය දන්නවානෙ කිලෝ 20 ගාණෙ දෙන්න පුළුවන් කියලා”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...