ජනපතිගේ කතාවෙන් පේන්නේ එතුමාට IMF ගැන හරියට උපදෙස් ලැබී නැති බවක් – හර්ෂ

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශය අනුව පෙන්නුම් කෙරෙන්නේ එතුමාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනු සම්බන්ධයෙන් නිවැරදි දැනුවත් කිරීමක් ලැබී නොමැතිය යන්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා කියපු දේවල් අපි කවුරුත් දැනගෙන හිටියෙ. අලුතින් කිසිදෙයක් කිව්වෙ නෑ. ඊළඟට කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳාගන්නවා කියලා. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා එතන නිවැරදි නෑ. ඒක කියපු කෙනා හරියට ජනාධිපතිතුමාව දැනුවත් කරලා නෑ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන තියෙනවා අපේ රට තවදුරටත් ණය ගෙවන්න පුළුවන් රටක් නෙවෙයි කියලා. ණය ගෙවන්න බෑ. එතකොට ණය ගෙවන්න බැරි රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නීත්‍යානුකූලව ණය දෙන්න බෑ. දැන් ඒක ජනාධිපතිතුමා කිව්වෙ නෑ. ආණ්ඩුව බංකොලොත්. ඔක්කොටම කලින් කරන්න තියෙන්නෙ දැන් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනෙ. ඉතින් ඒකට අපට ණය දීපු කණ්ඩායම් හම්බුවෙන්න ඕනෙ. එහෙම හම්බුවෙලා ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න වෙනවා අපි මෙන්න මේ විදියට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ කට්ටිය ඒකට එකඟවෙන්නෙ නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි වෙනුවෙන් යම්කිසි ගැරන්ටි එකක් දෙන්නෙ නැත්නම්. ජනාධිපතිතුමා හිතනවා නම් IMF එකට පමණක් ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා, එතුමාට හරියට ඒ උපදෙස් ලැබිලා නෑ”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...