Wednesday, March 29, 2023
spot_img

Latest Posts

එක්දින සංචිතයට සහන් ආරච්චිගේ සහ විස්සයි ව්ස්සට ලසිත් කෘශ්පුල්ලේ

නවසීලන්ත සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සංචිතයට සහන් ආරච්චිගේ එක් කරන්නට කටයුතු කර ඇති අතර විස්සයි විස්ස සංචිතයට ලසිත් කෘස්පුල්ලේ එක් කර ඇත.මෑත කාලයේ කැපී පෙණෙන දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් දෙදෙනා මෙම සංචාරයට එකතු වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කෝඩුකාරයින් ලෙස හැඳින්විය හැකිය.

මේ ආකාරයටම ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් සම්බන්ධයෙන් ද තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත.ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇත.හිටපු ශ්‍රී ලංකා නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධයෙන් විශ්වාසය වෙනස් කරගෙන සිටින තේරීම් කමිටුව ඔහුව කලකට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇත.
විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම් දෙකේම නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානක විසින්ම දරණ අතර එක්දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙණ්ඩිස්ට විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට පිරිනමා ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතයට දසුන්ගේ නායකත්වය ඇතිව,කුසල් මෙණ්ඩිස්,පැතුම් නිශ්ශංක,නුවනිඳු ප්‍රනාන්දු,ඇන්ජලෝ මැතිව්ස්,චරිත අසලංක,සදීර සමරවික්‍රම,ධනංජය ද සිල්වා,සහන් ආරච්චිගේ,වනිදු හසරංග සිල්වා,දුනිත් වෙල්ලාලගේ,කසුන් රාජිත,මහේෂ් තීක්ෂණ,චාමික කරුණාරත්න,ලහිරු කුමාර,ප්‍රමෝද් මධුශාන්,දිල්ෂාන් මධුශංක සහ මතීශ පතිරණ එක් වී සිටිනවා.විස්සයි විස්සේ සංචිතයේදී එක්දින සංචිතයේ සිටින ඇන්ජලෝ මැකිවිස් සහ සහන් ආරච්චිගේ ඉවත්කර ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් කෘස්පුල්ලේ පමණක් ඇතුළත් කර තිබීම සංචිත දෙකේ දැකිය හැකි එකම වෙනස්කම වෙනවා.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.