“නිර්මාණශීලි නවෝත්පාදනයයි” තේමාව කර ගත් ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය අදයි

ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය අදට (18) යෙදී තිබෙන අතර ,මෙවර එහි තේමාව වී ඇත්තේ “නිර්මාණශීලි නවෝත්පාදනයයි”.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ , ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය එක් රැස් කිරීම සඳහා අද (18) සිට විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බවයි . ඒ සඳහා හෝමාගම,පිටිපන ප්‍රදේශයේ ස්ථානයක් ආරම්භ කර ඇති අතර එමගින් ජනතාවට ආදායමක් උපයාගත හැකි බවද ඔහු පැවසීය .

තවද, ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා බස්නාහිර පළාතේ ජංගම රථයක් යොදා ඇති බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

රෂිකා හෙන්නායක