A/L ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (19) සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): අද (19) සිට 2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 41කදී ලබන 29 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.

එමෙන්ම, විභාග අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති අතර එය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...