ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් අද (19) තීරණය කර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 790ක් වේ.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද පැවැත්වූ විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.
මීට පෙර, පසුගිය මාස කිහිපය තුළ දෙවතාවක් කිරිපිටි මිල වැඩිකරනු ලැබිණි.
RN