NSBM, කොතලාවල, SLIIT, නෝත් ශෝර්, හොරයිසන් ආයතනවලට “යුනිවර්සිටි” නම ලැබෙන ලකුණු !

Date:

NSBM, කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමි, SLIIT, නෝත් ශෝර් සහ හොරයිසන් යන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට “යුනිවර්සිටි” නාමය ලබාදීම සඳහා යෝජනාවක් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයට තවත් විසඳුමක් වශයෙන් ධම්මික පෙරේරා මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට යාම සඳහා අයදුම් කර ඇති සිසු සිසුවියන් ගණන 30,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව දැනටමත් විදෙස් විශ්වවිද්‍යාලවල පළමු සහ දෙවැනි වසරවල අධ්‍යාපනය ලබන ලාංකික සිසු සිසුවියන් ගණන 50,000ක් පමණ වේ.

මේ සිසු සිසුවියන් 80,000 ම වෙනුවෙන් වසරකට මෙරටින් වැය කෙරෙන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 2 ත් – 2.5 ත් අතර වන බවට ගණන් බලා තිබේ.

එමෙන්ම ඉහත කී NSBM, කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමි, SLIIT, නෝත් ශෝර් සහ හොරයිසන් යන මෙරට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ද විදේශීය විශ්වවිද්‍යාලවල පාඨමාලා පවත්වාගෙන යෑම වෙනුවෙන් තවත් විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරටට ගෙවනු ලැබේ.

ඒ අනුව, මෙරට සිසු සිසුවියන්ට මෙරටදීම විදේශීය විශ්වවිද්‍යාල පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීම හරහා මෙම අතිවිශාල ඇමරිකානු ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් මෙරට රඳවාගැනීම සඳහා මෙන්ම විදේශීය සිසුන් මෙරටට ගෙන්වාගෙන ඒ හරහා ඩොලර් ආදායම් ඉපයීම සඳහාත් ඉහත කී උසස් අධ්‍යාපන ආයතනවලට “යුනිවර්සිටි” නාමය නිල වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා රජයට යෝජනා කර ඇති බවයි වාර්තා වූයේ.

මෙහිදී මෙම උසස් අධ්‍යාපන ආයතන පහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතිය ලැබෙනු ඇතිවා මෙන්ම මීට අමතරව එම අනුමැතිය සහිතව අලුතින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ අවස්ථාව ද හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ ඔස්සේ ශ්‍රී ලංකාව කලාපය තුළ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත්කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...