ව්‍යාපාරිකයින්ට ලක්ෂ 10ක් දක්වා ඇප රහිත ණය දෙනවා. ආරම්භක කර්මාන්තවලටත් දෙනවා – ඇමති චතුරංග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“විශේෂයෙන්ම මේ පරාටේ නීතිය හරහා අර්බුදයට ලක්වෙච්ච දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට තවත් සහන ක්‍රියාවලියක් අපි මේ ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරනවා. ඒ අතරින් දැනට අර්බුදයට ලක්වෙලා තියෙන 20,000ක් පමණ වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් එකිනෙකා අරගෙන බැංකු සමග සාකච්ඡා කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඔවුන්ව ඉදිරියට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම තමයි කතා කළා ණය ගන්න ක්‍රමයක් නෑ කියලා. මේ අවුරුද්දේ දැනටමත් ආරම්භ වෙලා තියෙනවා ක්‍රෙඩිට් ගැරන්ටී ඕගනයිසේෂන් එක. ඒ කියන්නෙ ණය ආරක්ෂණ වැඩපිළිවෙලක්. එතකොට කාටහරි ඇපයක් නැත්නම්, තමන්ට ඒත් ණය මුදලක් ලබාගන්න ඕනෙ නම්, ඕනෙම ක්ෂේත්‍රයකට පුළුවන් තමන්ගෙ බැංකුවත් එක්ක එකතුවෙලා මේ ක්‍රෙඩිට් ගැරන්ටී ආයතනයකින් 60%ක ආවරණයක් ලබාගන්න. එතකොට ඇපයක් නැතිව ඔවුන්ට ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි බැංකු කීපයක් එක්ක කතා කරලා ආරම්භක ප්‍රාග්ධනය විදියට ලක්ෂ 10ක් දක්වා ඇප රහිතව යන්න කර්මාන්ත අමාත්‍යාංශය හරහා අර සංවිධිත වැඩපිළිවෙල හරහා එන ව්‍යවසායකයින්ට ලක්ෂ 10ක මූලික ප්‍රාග්ධනයක් ඇප රහිතව දීලා එතනින් එහාට ඔහුව තල්ලු කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල, ඒ වගේම අයිටී කර්මාන්තය සහ අනෙකුත් ආරම්භක කර්මාන්තවලට අවශ්‍ය කරන ප්‍රාග්ධන අරමුදලක් නිර්මාණය කිරීම, අපි ක්‍රියාත්මක වෙමින් තිබෙනවා”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...