අපේ රටේ තාරුණ්‍යයට සෝෂල් මීඩියා ටයිප් එකේ ප්ලැට්ෆෝම් එකක් ඕනෑ – NPP තනුක

Date:

මෙරට තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ෆේස්බුක්, වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍ය වේදිකාවක් රජය විසින් අලුතින් හඳුන්වා දිය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුක දිසානායක මහතා පවසයි.

“අපේ රටේ තරුණයින් විවිධ ක්ෂේත්‍රවල ඉගෙන ගන්නවා, ඒක හරි. හැබැයි පසුගිය කාලවල මටත් විශාල වශයෙන් මගේ ප්‍රදේශයේ තරුණ තරුණියන් හම්බවෙලා තියෙනවා, ඒගොල්ලෝ අපට ඇවිල්ලා කියන්නෙ මොකක්හරි රස්සාවක් කොහොමද ගන්නෙ ? සමහර ඇතැම් අය. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ ඒගොල්ලොන්ට අවශ්‍ය ගයිඩන්ස් එක ලැබිලා නෑ. ඒගොල්ලො විවිධ ක්ෂේත්‍රවල ඉගෙනගෙන තියෙනවා. රටේ ආර්ථිකය හැසිරෙන්නෙ කොහෙටද ? මොකද අපි අද තමා, මේ ආණ්ඩුවෙදි තමා අපි හදපු අමාත්‍යාංශ සේරම එක අරමුණකින් වැඩ කරන්නෙ. මොකද අර රැකියා ප්‍රශ්නයට විසඳුම් හොයන්න නම් එකක් කර්මාන්ත අමාත්‍යාංශයටත් විශාල වගකීමක් තියෙනවා, ඒ වගේම සංචාරක අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට වගේම අපි හදලා තියෙන අමාත්‍යාංශ 24 ටම තමන්ගෙ වැඩසටහනේ යම් කොටසක් මේ වෙනුවෙන් වෙන් වෙන්න ඕනෙ. මේක එක අරමුණකින් ඉලක්කයකින් වැඩ කළොත් තමා මේ සමස්ත ප්‍රශ්නය විසඳෙන්නෙ.

විශේෂයෙන්ම එයාලාට තියෙන්නෙ එකක් අධ්‍යාපනය ලබාගන්නකොට හොඳ මග පෙන්වීමක් දෙන්න ඕනෙ ඕගොල්ලොන්ගෙ දක්ෂතා අනුව මේ දේවල් ඉගෙන ගන්න, අපි තව පැත්තකින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව මෙන්න මේ ක්ෂේත්‍ර දියුණු කරනවා, උදාහරණයක් හැටියට සංචාරක ක්ෂේත්‍රය දියුණු කරනවා නම් ඒකට අදාළව අපි තාරුණ්‍ය පුහුණු කරන්න ඕනෙ. කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරනවා නම් අලුත් තරුණ ව්‍යවසායකයින් හදන්න සැලසුම් කරනවා නම් ඒකට අදාළව මේ වැඩපිළිවෙල කේන්ද්‍රගත වෙන්න ඕනෙ. ඒ වගේම තමා, විශේෂයෙන්ම ඒගොල්ලොන්ටත් වුවමනාව තියෙනවා. ඒගොල්ලොන්ත් කැමති දේවල් තියෙනවා. ඒක නිසා ඒගොල්ලොත් ආණ්ඩුවත් රාජ්‍ය ක්‍රියාවලියත් ඒකාබද්ධ කරන්න නම් හොඳ සංවාදයක් හදාගන්න ඕනෙ, ඒගොල්ලොන්ගෙ ප්‍රශ්න හොඳට අවබෝධ කරගන්න ඕනෙ, කවුන්සලින් කරන්න ඕනෙ වෙලාවල් තියෙනවා, හොඳ ගයිඩන්ස් එකක් දෙනවා. මේ සඳහා අපි හිතනවා හොඳ සෝෂල් මීඩියා ටයිප් එකේ ප්ලැට්ෆෝම් එකක් අද රටට ඕනෙ වෙලා තියෙනවා කියලා.

මොකද අපට ඕනෙ තරම් හොටෙල්ස් හරි කොහෙහරි තැනක ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. අදහස් ගන්න පුළුවන්. අපි ඕනෙ තරම් එහෙම ඒවා කරනවා, වට්ස් ඇප්වලින් මැසේජ් කරනවා, මැසෙන්ජර් … නමුත් මේකට හොඳ ප්ලැට්ෆෝම් එකක් ඕනෙ. අද ඉන්දියාව ගත්තොත් ඒගොල්ලො වොලන්ටියර් ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් – මයි භාරත් ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා, ඒකෙ වොලන්ටියර්ස්ලා විදියට තරුණ ප්‍රජාව රෙජිස්ටර් වෙනවා. හැබැයි අපේ රටේ ගත්තොත් එහෙම නෑ”

තනුක දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 18) පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...