ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ජනාධිපති ට්‍රම්ප් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට එරෙහිව තින්දුවක් ලබා දුන් විනිසුරුවරයෙකුට දෝෂාභියෝගයක් ගෙන ඒමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබේ.

චෝදනාවට ලක්ව සිටි කල්ලි සාමාජිකයින් 200කට අධික පිරිසක් එල් සැල්වදෝරයට පිටුවහල් කිරීම නතර කරන ලෙස පරිපාලනයට නියෝග කළ එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ජේම්ස් බෝස්බර්ග් වෙනුවෙන් මෙලෙස දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ජනාධිපති ට්‍රම්ප් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයට දෝෂාභියෝගය සුදුසු ප්‍රතිචාරයක් නොවන බවත්, ඒ සඳහා සාමාන්‍ය අභියාචනා සමාලෝචන ක්‍රියාවලිය පවතින බවත් ප්‍රකශ කර තිබේ.

දෝෂාභියෝග ක්‍රියාවලියකදී ෆෙඩරල් විනිසුරුවරයෙකු ඉවත් කිරීම සඳහා එක්සත් ජනපද සෙනෙට් සභාවෙන් තුනෙන් දෙකක් බහුතරයක් ලැබිය යුතු අතර මේ වන විට එක්සත් ජනපද විනිසුරුවන් 15 දෙනෙකු වෙනුවෙන් දෝෂාභියෝග සලකා බලා ඉන් අට දෙනෙකු එක්සත් ජනපද සෙනෙට් සභා නඩු විභාගයකදී වැරදිකරුවන් වී ධුරය අහෝසි කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...