උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 14,000ක් ඉල්ලුම් කරලා

Date:

විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව දැනුම් දී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ , එම සාකච්ඡා හෙටින් ඇරඹෙන සතියේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමටයි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 300කට ආසන්න පිරිසකට කැඳවීම් කර ඇති බවයි. විශ්‍රාමික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද එයට ඇතුලත් වේ.

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් සම්පාදනය කර තිබෙන අතර ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණ වන පරිදි සිසුන් විසින් සපයන ලද පිළිතුරු පත් කිහිපයක් අහඹු ලෙස තෝරා ගැනේ . අදාළ ප්‍රශ්න පත්‍ර සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කර ඇති පිළිතුරු හා සිසුන් විසින් ඉදිරිපත් කර ඇති පිළිතුරු පත් විශ්ලේෂණය කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .

ඉන් අනතුරුව ඒ පිළිබඳ සාකච්ඡා කර විභාගයට පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය සකස් කෙරෙන අතර , එම කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

යම් හෙයකින් එම සාකච්ඡා සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහභාගී වන්නේ නම් ලබන 27වනදායින් ආරම්භ වන සතිය තුළ උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි .
කෙසේ වෙතත් තමන්ට ලබා දෙන දීමනාව වැඩි කරන තෙක් ඇගයීම් කටයුතු සඳහා සහභාගී නොවන බවයි ගුරු සංගම් පසුගිය කාල සීමාවේ පැවසුවේ. විභාග ඇගයීම් කටයුතු සඳහා පැමිණෙන ගුරුවරුන්ට දෛනික දීමනාව රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමුවද එයද ප්‍රමාණවත් නොවන බව ගුරු සංගම් පෙන්වා දෙනවා.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු සඳහා සාමාන්‍යයෙන් ගුරුවරුන් 19,000ක් පමණ අවශ්‍ය වනවා. කෙසේ වෙතත් මේවනවිට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 14,000ක් ඉල්ලුම් කර ඇති බව තොරතුරු හෙලිවේ.

ඒ අනුව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය සඳහා එක් වී අවසන් තීරණයකට එළඹුන හොත් දැනට ඉල්ලුම් කර ඇති ගුරුවරුන් යොදා ගනිමින් දින ගණන වැඩි කරමින් සහ පිළිතුරු පත් පරීක්ෂා කරන වේලාව වැඩි කරමින් ඇගයීම් කටයුතු සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, දිවයිනේ ප්‍රධාන පාසල් කේන්ද්‍ර කර ගනිමින් ඇගයීම් කටයුතු සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ජුනි මාසය අවසන් වන විට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණත් , ලබන 27වනදායින් ආරම්භ වන සතිය තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වුවහොත් ජූනි මාසය අවසන් වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු පවසයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...