ගොඨාභය පළවා හරින්න මුල්වූයේ කාන්තාවන් – රනිල් පන්නා සජිත් ජනාධිපති පුටුවේ වාඩි කරවන්නෙත් කාන්තාවන්! (VIDEO)

Date:

ක්‍රිෂාන්තන්

තලවකැලේ (LNW): ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීමට මුල්වුයේ කාන්තාවන් පිරිසක් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළවා හරින්නෙත් කාන්තාවන් පිරිසක් බවත්, ඒ වාගේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කිරීමට පියවර ගන්නේ කාන්තාවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

ගෝඨාභය ජනාධිපතිවරයා ධුරයෙන් පළාවා හැරීමට කාන්තාවන් පිරිසක් මුල් වු බවත්, ඒ සමගි ජනබලවේගයේ කාන්තාවන් බවත් ඇය කීවාය.

නුවරඑළිය සමගි ජන බලවේගයේ ආසන සංවිධායක අශෝක සේපාල මහතා විසින් තලවකැලේ නගරයේ සංවිධානය කොට තිබු ආසන බල මණ්ඩල රැස්වීමක ඊයේ (18) එක් වෙමින් ඒ මහත්මිය එසේ පැවැසුවාය.

එහිදී තවදුරටත් අදහස් දැක් වු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය:

2019 දී ගෝඨාභය රාජපක්ෂ දිනුවේ දේශපාලඥයන්, ආසන සංවිධායකයන් විතරක් නෙවෙයි එම මැතිවරණය සංවිධාන කටයුතු සිදු කලේ. ගෙවල්වල ඉන්න මිනිස්සු පවා එයාට සංවිධාන වැඩ කලා. තනිකර රූකඩයක් වගේ හිටපු මනුස්සයෙක් වීරයෙක් කියලා පෙන්වලා කට කතා තමයි යව්වේ ගෝඨාභය කියන්නේ අති දක්ෂ මිනිහෙක් කියලා. ඒ අය බොරු කියලා තමයි ජනාධිපතිවරණය දිනුවේ. ඒ අය බොරු කියලා ජනාධිපතිවරණය දිනුවානම් ඇයි අපිට සජිත් ප්‍රේමදාස ගැන ඇත්ත කියලා දිනන්න බැරි. සජිත්  පාසල් හැදුවා. මිනිස්සුන්ගේ දුක දන්නවා. නඩු නැහැ. වංචා දුෂණ මුකුත්  නැහැ. මහජන මුදල් හොරකම් කරලා නැහැ. වසර 20 ක පමණ පාර්ලිමේන්තු දීමනා ගෙවල් හදන්න තමයි යොදවලා තියෙන්නේ. අපිට මිනිස්සුන්ට ඇත්ත කියලා අපේ පැත්තට හරවා ගන්න බැරි ඇයි.

මැතිවරණය නැහැ කියලා අඩියක් පස්සට ගන්න එපා. අපි අඩියක් පස්සට ගත්තම අනෙක් දේශපාලන පක්ෂ අඩි දෙකක් ඉස්සරහට යනවා. අපිට දැන් රනිල් එකක් තියෙන ප්‍රශ්ණය තමයි මුළු රටටම දන්නවා අපි අද නන්නත්තාර වෙලා ඉන්නේ. රනිල් ආවේ රාපක්ෂලා ආරක්ෂා කරන්න කියලා මුළු රටටම දන්නවා. රනිල්ට පුළුවන් ඔීනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කැදවන්න. මේ වසරේ මැතිවරණයක් නැති වසරක් කිව්වාට අපි දන්නේ නැහැ හදිස්සියේම මෙයාට හිතුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන්. ඒ නිසා මෙතැන ඉන්න හැමෝම දවසකට අළුත් ඡන්ද පහක්වත් අපේ පැත්තට හරවන් කටයුතු කළ යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...