*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම මෙන් ශ්‍රී ලංකාව ද ජයග්‍රහණයේ මාවතකට ගෙන යනවා – ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ අඛණ්ඩව ලැබූ පරාජයන් හමුවේ ජයග්‍රහණය ලබාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම මෙන් ශ්‍රී ලංකාව ද ජයග්‍රහණයේ මාවතකට ගෙන යන බවයි.

32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු තරග පරාජය වෙමින් තිබූ අවස්ථාවක ජයග්‍රහණය අත්කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතුවූ බවයි.

තමන්ගේ උත්සහය වන්නේ ද ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතකට ඔසවා තැබීම බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ ඉදිරි වසර 02 තුළ දියුණු වන රටක්, සියලුදෙනාට දැකබලා ගත හැකි බවත්, කලාපයේ වඩාත්ම සෞභාග්‍යයමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථීකය ස්ථාවර කිරීම ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගෙඩනැගීම ද සිදුකළ යුතු බවයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2048 වසර වනවිට සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමේ 25 වසරක සැලැස්ම මේවනවිටත් ක්‍රියාවට නංවා ඇති අතර එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බවයි .

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විශාඛා විද්‍යාලයෙ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය යන විද්‍යාල විසින් සංවිධාන කරන ලද මෙම සමුළුව සඳහ දිවයින පුරා පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700 ක් පමණ එක්ව සිටි බවයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan