දින පහක් පුරා පැවති රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW): රේගු නිලධාරීන්ගේ සංගමය විසින්, රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රේගු වෘත්තිය සමිති පසුගිය දින පහ පුරා, වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටියේ රේගු ගිණුමක් මහා භාණ්ඩාගාරය යටතට පවරා ගැනීමට විරෝධය පළ කරමිනි.

එනිසා රේගු නිෂ්කාශණ ඒකකයේ බාහලුම් 2000කට ආසන්න ප්‍රමාණයක් සිරවී දැඩි ගැටලු තත්ත්වයක් ද මතු වුණා.

මේ පිළිබඳ රේගු වෘත්තිය සමිති ,  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර, වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව රේගු  මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...