පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW :

දූෂිත පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) දින ගම්පහ පැවැති ජන රැලියේදී අවධාරණය කරන්නේ වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු සීමාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර සහාය ලබා ගන්නා බවත්ය.

රජයේ මෙම ක්‍රියාමාර්ග කිසිසේත්ම දේශපාලන පළිගැනීම් නොවන බව පෙන්වා දෙන ඔහු, අතීත පාලනයන් තුළ සිදු වූ දරුණු පළිගැනීම් පිළිබඳ උදාහරණ ද මෙහිදී සිහිපත් කරයි.

පෞද්ගලික වෛරයකින් තොරව හුදෙක් යුක්තිය ඉටුකිරීම පමණක් රජයේ අරමුණ බවත්, ඒ සඳහා වන විමර්ශන ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන බවත් ඔහු සහතික වෙයි.

තවද, ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් පැවසීය. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේය. එම පැකේජය සඳහා රුපියල් කෝටි 4100ක් වෙන් කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා කීය. ඒ් අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලැබෙනු ඇත

තවදුරටත් ජනපතිවරයා පැවසූවේ,

"සීමාවක් නැහැ හොරුන්ට දඬුවම් දෙන්න. මේ වාරේ ඉතුරු අවුරුදු තුනත් කරනවා. ඊළඟ වාරෙත් අල්ලනවා. මේවා ලොකු විමර්ශන. ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. ඇදෙනවා. අපිට කිසිසේත්ම පළිගැනීමේ චේතනාවක් නැහැ. මම අවංකව කියන්නම්, කිසි කෙනෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් නැහැ. අපි පළිගන්නේ ඇයි? අපිට එයාලාට වගේ ඉඩම් නඩු නැහැ. පවුල් ආරවුල් නැහැ. අපිට පෞද්ගලිකව පළිගැනීමේ චේතනා නැහැ. මේ කිසිවක් පළිගැනීම නෙවෙයි. පළිගැනීමේ ඉතිහාසයත් අපි දන්නවා කොහොමද පළිගන්නේ කියලා. 2010 අවුරුද්දේ සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඡන්ද ප්‍රතිඵල එනකොට අපිත් එක්ක එතුමා ඡන්ද ප්‍රතිඵල ඇහුවේ පෞද්ගලික හෝටලයක. හෝටලයම හමුදාවෙන් වැටලුවා. ඡන්ද ප්‍රතිඵල එනකොට වැටලුවේ. අන්න පළිගන්න විදිහ. ඊට පස්සේ එතුමා ඉන්න කාර්යාලයට පැනලා හමුදා අනුකණ්ඩයක් පැනලා එයාලාට හිතවාදී ජීප් එකට උස්සගෙන ගිහින් දාගෙන පැහැරගත්තේ.  ඡන්දය ඉවර වෙලා සතියක් යන්න කලින් මෙහෙමයි පළිගත්තේ. අපි පළිගන්නේ නැහැ. 2019 ජනාධිපති වුණාට පස්සේ, CID එකේ නිලධාරින් 600කට විදෙස් ගමන් තහනමක් දැම්මා. අගමැති පත් කරන්න කලින් CID අධ්‍යක්ෂ මාරු කළා." 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...