*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති!

කොළඹ LNW: ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති,දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ මේ දිනවල තායිලන්තයේ බෞද්ධ ජනතාවගේ අතිශය ජනප්‍රියම චරිතය බවට පත් වී ඇතැයි වාර්තා වේ.

දඹදිව සාංචි චේතියගිරි විහාරයේ 1947 සිට වසර හැත්තෑවක් පුරා තැන්පත් කර තිබෙන අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා තායිලන්තයේ දස වන රාම රජු හෙවත් වජිරලොංකෝර්න් මහරජතුමාගේ (72) හැත්තෑ දෙවන ජන්ම දින සමරුව වෙනුවෙන් තායිලන්ත හා ඉන්දීය රජයේ ඉල්ලීම පරිදි තායිලන්ත බැතිමතුන්ගේ වන්දනාව සඳහා මේ දිනවල තායිලන්තයට වැඩම කර ඇත.

පසුගිය මස 24 වැනිදා තායිලන්තයට වැඩම කළ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා මාර්තු 18 වෙනිදා දක්වා බැංකොක් පහාරා (Pahara District ) දිස්ත්‍රික්කයේ සනම් ලුවාන්ගි ප්‍රදර්ශන මංඩපයේ ද (Sanam Luang pavilion) චියෑන් ප්‍රාන්තයේ (Chiang province – Ho kum Luang Royal park Rajapruek ) හෝ කුම් ලුවාන්ග් හි රාජකීය උද්‍යානයේ ද උබොන් රට්චාතානි දිස්ත්‍රික්කයේ (Ubon Ratchathsni) වට් මහා වනරාම් හි දී ද (Wat maha Wanaram ) මධ්‍යම තායිලන්තයේ වට් මහා තට් (Wat maha th යන රාජකීය මන්දිරවල මහජන වන්දනාවට තැන්පත් කරනු ලැබීය.

ඒ සෑම ස්ථානයකදීම ලක්ෂ සංඛ්‍යාත තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණි බව ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති,දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

එසේම මෙම අග්‍රශ්‍රාවක ධාතු පූජා මහෝත්සවය පැවැත්වෙන සෑම ස්ථානයකදීම තායිලන්ත බෞද්ධ ජනතාව තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට වීදි දෙපස පෙළ ගැසී දානය පිරිනැමීම ඉතාමත්ම ගෞරවනීය දර්ශනයක් බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙම සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සමඟ ජපානයේ සවාරා හී ලංකා ජී විහාරයේ පූජ්‍ය යටවර පඤ්ඤාරාම හිමියෝ, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ ලේකම් චන්න කළුගම්පිටිය මහතා ද මෙම චාරිකාවට එක් වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan