(VIDEO):කොටුව විරෝධතාව අතර පොලීසිය හා උද්ඝෝෂකයින් අතර ගැටුම්.උද්ඝෝෂකයින්ට පොලීසිය පන්න පන්න ගහයි! ජල හා කඳුළු ගෑස් ප්‍රහරයකුත්!

Date:

කොළඹ LNW: බදු බර,බඩු මිල පහත හෙලනු, ATA,OSA ඇතුළු සියලු මර්දන පනත් ඉරා දමනු,රාජ්‍ය ආයතන විකිණීම වහා නතර කරනු යන්න රජයට බල කරමින් ජන අරගල ව්‍යාපාරය අද (20) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිදුකළ විරෝධතාවට පොලීසියේ බාධා එල්ල විය.

ජන අරගල ව්‍යාපාරය වෙනුවෙන් දුමින්ද නාගමුව,වසන්ත මුදලිගේ ඇතුළු වෘත්තිය සමිති නායකින් පිරිසක් සහභාගි වී සිටි අතර පොලිස් විරෝධය නොතකා ඔවුන් කොටුව බෝධිය දෙසට ගමන කළ අතර අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් ඉදිරියට යාම වැළැක්වීමට පොලීසිය දැඩි උත්සාහයක ගන්නා ආකාරය දක්නට ලැබුණු ආතර් දෙපාර්ශවය අතර පහර එල්ල කරගන්නා තරමට තත්ත්වය උණුසුම් විය.

ඒ අනුව පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ අසලදී ( නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී) විරෝධතාකරුවන්ට ජල හා කඳුළුගැස් ප්‍රහාරයක් එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණි.

ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව විරෝධතා කරුවන් විසිර ගිය අතර 30 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බවයි ජන අරගල ව්‍යාපාරය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ “Board of Peace” සඳහා රුසියාවෙන් බිලියනයක ආයෝජනයක්!

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...