රාජයෝගයකුත් ඇතැයි කියන රොෂාන් පොලොන්නරුවෙන් කුජීත වෙයි !

Date:

සර්වජන බලය පක්ෂය විසින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක් සඳහා භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

එසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ පොලොන්නරුව මහ නගරසභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව, තමන්කඩුව ප්‍රාදේශීය සභාව සහ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සඳහා භාරදුන් නාමයෝජනා පත්‍ර වේ.

දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය දරන්නේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූ රොෂාන් රණසිංහ විසිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන ද සර්වජන බලයට එක්ව සිටියදී රොෂාන් ඔහුවත් කපාගෙන පොලොන්නරුවේ නායකත්වය අල්ලාගෙන සිටින්නේ සර්වජන බලයේ සභාපති තනතුරත් තමන් අතේ තිබියදී ය.

කෙසේවෙතත් රාජයෝගයකුත් තමන්ට ඇතැයි කියන රොෂාන් රණසිංහ අවම වශයෙන් ප්‍රාදේශීය සභාවක නාමයෝජනා පත්‍රයක්වත් ප්‍රතික්ෂේප නොවෙන තැනට නිවැරදිව පුරවාගන්නට හැකියාවක් නොමැති මට්ටමේ අයෙකු බව මෙයින් තහවුරු වී ඇත. මේ විදියට නම් සර්වජන බලයට පොලොන්නරුවේදී අබසරණ බව පැහැදිලි ය.

ඕනෑම දේශපාලන පක්ෂයක ජාතික මට්ටමේ නායකයින් කොතරම් සිටියත් පක්ෂයේ බිම්මට්ටමේ බලය පිහිටුවන්නේ එහි ප්‍රාදේශීය සභා, නගරසභා මන්ත්‍රීවරුන් විසිනි. එසේ බිමේ බලය පක්ෂයට ගෙනෙන ගමේ නියෝජිතයින්ට තමන්ගේ මැතිවරණයට තරග කිරීමටවත් අවස්ථාවක් නොලැබෙන සේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම යනු කොහෙත්ම සරල දෙයක් නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...