රාජයෝගයකුත් ඇතැයි කියන රොෂාන් පොලොන්නරුවෙන් කුජීත වෙයි !

Date:

සර්වජන බලය පක්ෂය විසින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක් සඳහා භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

එසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ පොලොන්නරුව මහ නගරසභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව, තමන්කඩුව ප්‍රාදේශීය සභාව සහ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සඳහා භාරදුන් නාමයෝජනා පත්‍ර වේ.

දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය දරන්නේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූ රොෂාන් රණසිංහ විසිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන ද සර්වජන බලයට එක්ව සිටියදී රොෂාන් ඔහුවත් කපාගෙන පොලොන්නරුවේ නායකත්වය අල්ලාගෙන සිටින්නේ සර්වජන බලයේ සභාපති තනතුරත් තමන් අතේ තිබියදී ය.

කෙසේවෙතත් රාජයෝගයකුත් තමන්ට ඇතැයි කියන රොෂාන් රණසිංහ අවම වශයෙන් ප්‍රාදේශීය සභාවක නාමයෝජනා පත්‍රයක්වත් ප්‍රතික්ෂේප නොවෙන තැනට නිවැරදිව පුරවාගන්නට හැකියාවක් නොමැති මට්ටමේ අයෙකු බව මෙයින් තහවුරු වී ඇත. මේ විදියට නම් සර්වජන බලයට පොලොන්නරුවේදී අබසරණ බව පැහැදිලි ය.

ඕනෑම දේශපාලන පක්ෂයක ජාතික මට්ටමේ නායකයින් කොතරම් සිටියත් පක්ෂයේ බිම්මට්ටමේ බලය පිහිටුවන්නේ එහි ප්‍රාදේශීය සභා, නගරසභා මන්ත්‍රීවරුන් විසිනි. එසේ බිමේ බලය පක්ෂයට ගෙනෙන ගමේ නියෝජිතයින්ට තමන්ගේ මැතිවරණයට තරග කිරීමටවත් අවස්ථාවක් නොලැබෙන සේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම යනු කොහෙත්ම සරල දෙයක් නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...