*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

කබඩිත් අවුලක…

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනා 41 ගොනු කරමින් ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කරන ලද අභියාචනාව විභාගයට නොගෙන ඇතැයි චෝදනා එල්ල වේ.එම චෝදනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට වාර්තාවක් පැමිණ නැති බව දැන ගන්නට ඇති අතර එම අභියාචනා මණ්ඩලය පත්කර ඇත්තේ අමාත්‍යවරයා ය.

ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශය වගකිව යුතු ක්‍රීඩා පණත සංශෝධන කාර්යය ද මේ වන විට අධිකරණයේ අභියෝගයට ලක් වි ඇති අතර එම සංශෝධනවල ස්වභාවය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව අධිකරණය විසින් තීරණය කර ඒවා තාවකාලිකව ක්‍රියාවට නැංවීම මේ වන විට අත් හිටුවා ඇත.ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ භාර දි ඇති මේ තොරතුරු සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නැති වීම ගැන එම චෝදනා භාර දීමේ දී රුපියල් 5000 ක් ද ගෙවා ඇති පිරිස අඩුම තරමේ විභාග වෙමින් පවතින බව විමසා බලමින් පවතින බව හෝ දැණුම් දී නැති වීමෙන් අදාළ කාර්යය පැවරී ඇති අයගේ කාර්යක්ෂමතාවය පැහැදිළි කර ගැනීමට හැකිය.
කෙසේ හෝ කබඩි සම්මේලන ආරංචි මාර්ග ඔවුන් පාපන්දු පුහුණුකරුවෙක් බංගලාදේශයේ බංගබන්දු තරගාවලිය සම්බන්ධයෙන් සහභාගි වීම ගැන එල්ල වන චෝදනා ගැන ප්‍රකාශ කරන ආකාරයට ඔහු අන්තර්ජාතික විනිසුරු ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලබා සිටින අයෙක් බව පෙන්වා දෙයි.ඒ ආකාරයටම කබඩි සභාපතිවරයාට කොමිස් චෝදනාවක් ද එල්ලවන අතර මෙහි සත්‍ය අසත්‍යභාවය විමසා බැලීමවඩාත් වැදගත් වන්නේ එම චෝදනා එල්ල වි සිටින අයගේ යහපතට වැදගත් වේ.

උතුරු ප්‍රදේශයේ ක්‍රීඩාව මහා ජාතියේ උවමනාව මත වසා තැබීම යන චෝදනාව බොහෝ විට එල්ල වන අතර එවැනි දෙවන වර්ගයේ සැළකීමක් මහා ජාතිය මුල් කරගත් දේශපාලනය විසින් කරගෙන යෑම ද බොරුවක් කිව නොහැකිය.එවැනි තත්ත්වයකදී උතුරු ප්‍රදේශයේ ක්‍රීඩාව නියෝජනය කරන්නෙක් සේ බංගබන්දු තරගාවලියේ තාක්ෂණික නිලධාරියෙක් සේ විනිශ්චය කටයුතුවලට එකතු කර ඇති බාලක්‍රිශ්නන් මුකුන්දන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව ද වහාම පරික්ෂා කර නිවැරදි කිරීම වඩාත් වටින්නේ ඔහුටය.එසේ නොවී ඔහු මේ සඳහා නිලවරණ ඡන්ද අපේක්ෂාවෙන් තෝරා ගෙන ඇතැයි යනුවෙන් එල්ල කරන චෝදනාව සාධාරණ ද අාසාධාරණ යන්න තීරණය කිරීම වැදගත් වන්නේ උතුර සහ සුළු ජාතීන් යැයි දක්ෂයන් කොන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකිට සංස්කෘතියක්ද මේ රටේ සෑම කේෂ්ත්‍රයකම පාහේ දකින්නට ඇති අවස්ථා ද ඇති බැවිනි.

කණ්ඩායමේ සිටි සමහර නායකයින් ද මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා කබඩි පරිපාලනය විවේචනයට ලක් කරමින් සිටින අතර කබඩි ජාත්‍යන්තර සම්මේලනයේ නීතිමය ව්‍යහුය යටතේ මේවා විමර්ශනය කිරිම වැදගත් වන්නේ කබඩි සම්මේලන සභාපතිවරයා ද තරුණයෙක් මෙන්ම හිටපු කබඩි ක්‍රීඩකයෙක් ද වන බැවින් ඔහුට විශාල කාලයක් ඉදිරියට තිබෙන බව සැළකිල්ලට ගනිමින් ය.ඒසේම කබඩි ක්‍රීඩාව ද මේ වන විට පාර්ශව කිහිපයක් නියෝජනය කරන බව එළිපිටම පැහැදිළිව දකින්නට ඇති දෙයක් වන අතර ක්‍රීඩාවට බොහෝ ප්‍රයෝජන ගත හැකි පිරිස් මේ නිසා විවිධ ආකාරයෙන් කබඩි ක්‍රීඩාවෙන් දුරස්ව සිටින බව ද පැහැදිළිය.ඒ නිසා මේ මොහොත ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ ඉදිරියෙන් සිටිය ක්‍රීඩාවක් වූ කබඩි යම් පිරිහීමකට ලක් වෙමින් පහත වැටෙමින් තිබෙන බව අවබෝධ කරගෙන ක්‍රීඩා අමාත්‍යංශයේ අභියාචනා මණ්ඩලය ඒ සඳහා වන එක් පියවරක් හැටියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර අදාළ වැරදි සහ නිවැරදිභාවය පිළිබඳව සමාජය දැනුවත් කළ යුතුව ඇත.

ක්‍රීඩාවේ ගැටළුකාරී තැන්වල පළල් වීමට වගකිව යුතු තැන් ක්ෂණිකව ඊට මැදිහත් නොවීමද ඒක් හේතුවක් වන අතර පිටියට බසින අය පමණක් නොව ඒ සම්බන්ධයෙන් විවිධ වගකම් පැවරි තමන්ගේ මේස මත ඇති අකුරු නොසළකා හරින්නෝද ඒ ඒ කීඩාවන් කඩා වැටීමේ චූදිතයෝ බව අපේ විශ්වාසය වන්නේය.මෙවර බංගබන්දු තරගාවලියේ තායිලන්තය වෙතින් පළමු වරට පරාජය වන කබඩි හෙට අපව පරාජය කළ නොහැකිව සිටි සියලුම කණ්ඩායම් විසින් පරාජය කර පසු සිදු වූ දේ සොයා පලක් නැත.මිය ගිය පසු ප්‍රතිකාර කිරීමේ පරිපාටියෙන් මිදි රෝගය සුවපත් කළ හැකි මට්ටමේ තිබියදී අවශ්‍යය පියවර ගන්නා ලෙස අපි ක්‍රීඩා බලධාරීන්ට කබඩි වෙනුවෙන් පවසන්නෙමු!

නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan