පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කරන්න කලිං ඊට අවශ්‍ය වටපිටාව සූදානම් කරන්න තිබුණා – ජානක වක්කුඹුර

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසන්නේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කර ගත යුතුව තිබූ බවයි.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිසිලෙස ලබාගැනීමට හැකියාව ඇත්දැයි දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සොයා බැලීමට මැතිවරණ කොමිසම පියවර ගතයුතුව තිබූ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

කිසිදු රාජ්‍ය නිලධාරියෙකු වුවමනාවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට කටයුතු නොකරන බව ද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...