චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක ණයක් !

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා. මෙරට චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.

මෙම ණය මුදල ඩොලර් බිලියනයක ණය මුදලක් සහ තවත් ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකමක් ලෙසයි ඉල්ලා තිබෙන්නේ.

චීන තානාපතිවරයා අද කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය විසින් ඉල්ලා ඇති ණය මුදල සම්බන්ධයෙන් සිය රජය සලකා බලමින් සිටින බවයි. බොහෝදුරට එම ණය මුදල අනුමත වීමට ඉඩ තිබෙන බවද චීන තානාපතිවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩඒම සඳහා චීන රජය උපරිම සහාය ලබාදෙන බවත්, කිසිවිටෙකත් අර්බුදයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සිය රජය කටයුතු නොකරන බවති තානාපතිවරයා අවධාරණය කරයි. වසර 70 කට පමණ පෙර චීනය මුහුණ දුන් බරපතල ගැටලුවලදී ශ්‍රී ලංකාව සිදුකළ උපකාර කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව පෙන්වා දෙන තානාපතිවරයා පවසන්නේ ඊට ප්‍රත්‍යුපකාර ලෙස චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙස කටයුතු කරන බවයි.

2020 වසරේ සිට මේ දක්වා චීන විසින් ඩොලර් බිලියන 2.8 ක ණය සපයා තිබෙනවා.

චීන තානාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ මෙරට ක්‍රියාත්මක චීන ව්‍යාපෘති හරහා රැකියා 11,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බවයි.

දැනට ක්‍රියාත්මක කොළඹ වරාය නගරයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.05 ක පමණ ආයෝජන ලැබී ඇති බවත්, මීට අමතරව යෝජිත හම්බන්තොට කාර්මික කලාපයේ ආයෝජන සිදු කිරීමට සමාගම් 43 ක් කැමැත්ත පළකර ඇති බවත් තානාපතිවරයා සඳහන් කරනවා. ඒ හරහා තවත් රැකියා විශාල ප්‍රමාණයක් බිහිකර ගත හැකි බවද තානාපතිවරයා ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...