ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරවා හැරීමේ විධායක නියෝගයකට අත්සන් තබයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2024 මැතිවරණ පොරොන්දුවක් අනුව යමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමේ විධායක නියෝගයකට අත්සන් කර ඇති බව වාර්තා වේ.

නූතන ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකු කැබිනට් මට්ටමේ ආයතනයක් වසා දැමීමට උත්සාහ කර නොමැති අතර ට්‍රම්ප් මෙම විධායක නියෝගට අත්සන් කරමින් අධ්‍යාපන ලේකම් ලින්ඩා මැක්මහොන්ට උපදෙස් ලබා දී ඇත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසත්, අධ්‍යාපන අධිකාරිය නැවත ප්‍රාන්තවලට ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත්ය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය වනු ඇති අතර මෙම විධායක නියෝගට අත්සන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, අප හැකි ඉක්මනින් එය වසා දැමිය යුතු බවත්, එය අපට යහපතක් නොකරන බවත්ය.

1979 දී පිහිටුවන ලද අධ්‍යාපන දෙපාර්තමේන්තුව, රජයේ පාසල් සඳහා අරමුදල් සැපයීම අධීක්ෂණය කිරීම, ශිෂ්‍ය ණය පරිපාලනය කිරීම සහ අඩු ආදායම්ලාභී සිසුන්ට උපකාර කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...