ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරවා හැරීමේ විධායක නියෝගයකට අත්සන් තබයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2024 මැතිවරණ පොරොන්දුවක් අනුව යමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමේ විධායක නියෝගයකට අත්සන් කර ඇති බව වාර්තා වේ.

නූතන ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකු කැබිනට් මට්ටමේ ආයතනයක් වසා දැමීමට උත්සාහ කර නොමැති අතර ට්‍රම්ප් මෙම විධායක නියෝගට අත්සන් කරමින් අධ්‍යාපන ලේකම් ලින්ඩා මැක්මහොන්ට උපදෙස් ලබා දී ඇත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසත්, අධ්‍යාපන අධිකාරිය නැවත ප්‍රාන්තවලට ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත්ය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය වනු ඇති අතර මෙම විධායක නියෝගට අත්සන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, අප හැකි ඉක්මනින් එය වසා දැමිය යුතු බවත්, එය අපට යහපතක් නොකරන බවත්ය.

1979 දී පිහිටුවන ලද අධ්‍යාපන දෙපාර්තමේන්තුව, රජයේ පාසල් සඳහා අරමුදල් සැපයීම අධීක්ෂණය කිරීම, ශිෂ්‍ය ණය පරිපාලනය කිරීම සහ අඩු ආදායම්ලාභී සිසුන්ට උපකාර කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...