මිතුරු සටනේ සියළු ගෞරවය ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 21, (LNW)කොළඹ

ලොව පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 186 වන තැන සිටින ලාඕසය සෑම අතින්ම ඉදිරියෙන් සිට පරාජය කිරීමට ශ්‍රේණිගත කිරීම්වල 200 වන තැන සිටින ශ්‍රී ලංකාවට හැකි වෙනවා.ලාඕස අග නගරය කේන්ද්‍ර කර ගෙන පැවති මෙම තරගයේ අවසාන ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකාව ගෝල 2 ක් සහ ලාඕසය ගෝලයක් රැස් කිරීමයි.
මේ තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ වෘත්තීය අත්දැකීම් මැනවින් හඳුනා ගන්නට හැකි වූ අතර විශේෂයෙන් පන්දුව යොමු කිරීමේ දි මෙන්ම කළමණාකරණය කර ගැනීමේදී ද ප්‍රතිවාදියාට බලපෑමක් ඇති කරන ආකාරයෙන් පිඩනය ගොඩ නැඟීමත් එහිදී කැපී පෙණින.


තරගය ඇරඹී විනාඩි 16 ක් ගෙවෙන තැන සෑම් ඩුරාන්ට් යොමු කළ පන්දුව ඩැරන් ඩෙකර් විසින් ගෝලය වෙත යෙමු කිරීමෙන් ශ්‍රී ලංකාව තරගයේ පළමු ගෝලය ලබා ගැනීමට සමත් විය.දෙවන ගෝලය ලැබෙන්නේ 55 වන විනාඩියේදී ය.එය වෘත්තීයභාවය පෙන් වූ හොඳම අවස්ථාවක් විය.දැල අසළම සිටි බාරත් සුරේෂ්ට මෙන්ම වසිම් රසීක්ටත් එය ගෝලය වෙත යොමු කිරීමට උත්සාහ කළ හැකිව තිබිණ.එහෙත් වඩාත් නිවැරදිව ඔවුන් ගෝලය වෙත මාර්ගය වඩාත් විවෘත පවතින ඔවුන් දෙදෙනාට වඩා ගෝලයට මදක් දුරින් සිටි ආදවන් රාජ්මෝහන් වෙත පන්දුව යොමු කිරීමට තීරණය කළේය.ඒ අනුව පුද්ගලයා මත නොව ගෝලය වාර්තා විය යුත්තේ කණ්ඩායමට යන හැඟීම මැනවින් ප්‍රදර්ශනය විය.


ශ්‍රී ලංකාවේ ගෝල සීමාව ඇතුළත සුජාන් පෙරේරා ගෝල රැකීමේදී මෙන්ම ආරක්ෂක පෙළ ද ඉතා නිර්භීතව හැසිරිණ.එහෙත් ඒ අවදානමනම් නොගත යුතු බව හැඟිණ.ක්‍රීඩකයින් සෑම නිමේශයකම තරගය තුළ මනසින් සහ කයින් රැදී සිටින බව පෙණුනත්,වඩා වැදගත් ඉතිරි තරග සඳහා සිය ශරීර යෝග්‍යතාවයට හානිවන අන්දමේ ක්‍රියාවකට නොයන බව දකින්නට ලැබිණ.ආක්‍රමණය සහ ආරක්ෂාව මෙන්ම ප්‍රවේශමද සැළකිල්ලට ගනිමින් දියත් කළ ක්‍රීඩා රටාවේ 87 වන මිනිත්තුවේදී ලාඕසයට හිමි වූ ගෝලය වාර්තා වූයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ වෙතින් දකින්නට ලැබුණු මද අලස ගතියක් නිසා බව ද නොකියා බැරිය.


ජයග්‍රහණය සහතික වීමට අවසාන තත්පරයේ විනිසුරු නලා හඩ එන තෙක්ම සිටිය යුතු බව අමතක වූ නිමේශයක වාර්තා වූ එම ගෝලය නිසා ලාඕසයට සිය සත්කාරකත්වය යටතේ සිදු වූ පරාජයේ පරිමාව යම් තරමකට අඩු කර ගන්නට ලැබිණ.මෙම තරගයේ දී සියළුම ක්‍රීඩකයින් යම් වෘත්තිමය ප්‍රකාශනයක් සිය ක්‍රීඩා රටාව තුළ ප්‍රකට කරනු ලැබූ අතර මැද පෙළ ශක්තිමත් කිරීමට ගැරට් කෙලී ගෙන් ලැබුණු සහයෝගය ද තරගයේදී මැනවින් කැපී පෙණින.ඔහු එක්තරා ආකාරයකට ආරක්ෂක පෙළ සහ පෙර පෙළ සම්බන්ධිකරණය කරන යාන්ත්‍රණය ලෙස ක්‍රියාත්මක වෙනු දකින්නට ලැබිණ.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...