ජනාධිපතිට හරි අගමැතිට හරි එන්න කියන්න – රැකියා විරහිත උපාධිධාරීන් අදත් විරෝධතාවේ (PHOTO STORY)

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේදී අදත් (21) ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාගැනීම, උපාධිධාරීන් හට වයස් සීමා දමා රැකියා කප්පාදු කිරීම් නතර කරන ලෙසත් වන ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන එය සංවිධානය කර තිබුණි.

පසුගිය දින පහක් පුර ඔවුන් මෙම ස්ථානයේ රැඳී සිටිමින් ඔවුන් සිය විරෝධය දක්වන ලදී. එහෙත් ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවටයි රැකියා විරහිත උපාධිධාරීන් චෝදනා කළේ.

ඒ අනුව, අද (21) දින අයවැය සම්මත වන තුරු දවස පුරා එම ස්ථානය තුළ විරෝධතාවයේ නියැළී සිටීමටද ඔවුන් කටයුතු කර තිබේ.

විරෝධතව අතරතුර මාර්ග අවහිර වන ලෙස විරෝධතාකරුවන් කටයුතු කිරීම නිසා විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...