පොලිස්පති නිසා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ ලොකු අවුලක්. පිරිසක් දැඩි තීරණයක !

Date:

එළඹෙන 25 වනදා විශ්‍රාම යාමට නියමිතව සිටින පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා තවත් වසරක කාලයක් සඳහා සිය සේවය දීර්ඝ කරවා ගැනීමට දැඩි වෑයමක නිරත වී සිටින බව අපි මීට පෙර අවස්ථා කිහිපයකදී ම වාර්තා කළෙමු.

ඊයේ (20) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මැති ඇමතිවරුන් පිරිසක් මීට දැඩි ලෙස විරෝධය පළකර ඇති අතර වික්‍රමරත්න මහතාට වසරක් තබා එක් දිනක හෝ සේවා දිගුවක් ලබා නොදෙන ලෙසට ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙසේ එම රැස්වීමේදී දැඩි ආවේගශීලී ලෙස අදහස් දක්වා ඇත්තේ ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ, සනත් නිශාන්ත, සහන් ප්‍රදීප්, සංජීව එදිරිමාන්න, මධුර විතානගේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකි.

ඔවුන් එහිදී අවධාරණය කර ඇත්තේ පසුගිය වසරේ මැයි 09 වනදා ඇතිවූ කළහකාරී තත්වය පාලනය කිරීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා කිසිවක්ම නොකළ බවත් අරගලකරුවන් තම නිවාස ඇතුළු දේපළ ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කරද්දී පොලිස්පතිවරයා ඔහේ බලා සිටිමින් අරගලකරුවන්ටම සහාය දැක්වූ බවත් ය.

මේ සිද්ධීන් පිළිබඳව කැඳවූ වසන්ත කරන්නාගොඩ, දයා රත්නායක හා රොෂාන් ගුණතිලක කමිටු වාර්තාවෙන් ද පොලිස්පති වික්‍රමරත්න 2022 මැයි 09 වනදා ඇතිවූ සිද්ධීන් මැඩ පැවත්වීමට උත්සහ නොගත් බවටත්, පොලිස්පතිවරයා ලෙස ඔහු එහිදී සිය රාජකාරී පැහැරහැර ඇති බවටත් නිර්දේශ ලබාදී ඇතැයි ද මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, එවන් කොමිසමකින් සෘජුවම චෝදනා ලැබූ පුද්ගලයකුට සේවා දිගුවක් ලබාදිය නොහැකි බව මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම එහිදී පවසා ඇති බවත් සඳහන්.

එසේම පොලිස්පති ධුරය සඳහා නිර්දේශ වී සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මතයක් ගොඩනඟමින් සිටින්නේ අරගලයට සහාය දැක්වූ දේශපාලන පක්ෂ, නීතීඥ සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් බවත් සඳහන් කර ඇති එම මැති ඇමතිවරුන් දේශබන්දු තෙන්න්කෝන්ට නඩු හා චෝදනා ගොනු වී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂාකිරීමට යාම හා කලහකාරී පිරිස් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමේදී ඔවුන් මර්ධනය කිරීමට පියවර ගත් නිසා බවත් පවසා ඇත.

ඒ අනුව එසේ ආණ්ඩුවත් රටේ නීතිය හා සාමයත් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ දේශබන්දු තෙන්නකෝන්ට මේ මොහොතේ පොලිස්පති ධුරය ලබා නොදුනහොත් මින් ඉදිරියට කිසිදු රජයේ සේවකයකු ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවනු ඇති බව පෙන්වා දී ඇති එම මන්ත්‍රීවරුන් ආණ්ඩුව ආරක්ෂා කරන රජයේ සේවකයින්ව ආණ්ඩුව විසින් ආරක්ෂා නොකරන බවට මතයක් ඔවුන් අතර පැතිර යාමෙන් ඉදිරියේදී ඕනෑම මොහොතක ආණ්ඩුව බිඳවැටීමේ අවදානමක් ද උද්ගත විය හැකි බවට අනතුරු හඟවා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් එසේ තදින් අදහස් දක්වද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සාවධානව සවන් දී ඇති අතර කිසිවක් ප්‍රකාශ කර නොමැති බවත් වාර්තා විය.

මේ අතර මෙම රැස්වීමෙන් අනතුරුව ද මේ මාතෘකාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දිගටම අදහස් හුවමාරු වී ඇති බවත් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීමට කටයුතු කළහොත් මින් ඉදිරියට ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන පනත් සම්මත කිරීම සඳහා ඡන්දය ලබානොදීමට මන්ත්‍රීවරුන් 20 – 30 අතර පිරිසක් එකඟතාවකට පැමිණ ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය. තමන්ගේ දැඩි ඉල්ලීමකට හෝ කන් නොදෙන ආණ්ඩුවකට තවදුරටත් සහාය දීමෙන් ඵලක් නොමැති යැයි ඔවුන් එහිදී පවසා තිබුණු බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...