ගිනිඅවියක් සමග ඇල්ලූ රැප් ගායක ශාන් පුතා ඇප මත නිදහස් !

0
602

සටහන – රුවන් නෙළුගොල්ල

මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් රැප් ගායන ශිල්පියකු වන “ශාන් පුතා” නමැත්තා සහ ඔහුගේ කළමනාකරු ඇප මත නිදහස් කර තිබේ.

ඔවුන් ඊයේ (මාර්තු 21) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපිය ලක්ෂ 05 බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට නියම කර ඇත.

එමෙන්ම අදාළ ගිනිඅවිය ඔවුන්ට ලබාදුන් බව පැවසෙන පොලිස් නිලධාරියාව අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් අධිකරණය නියම කර ඇති බව සඳහන්.

මේ සිද්ධිය සම්බන්ධයෙන් “ශාන් පුතා” නමැති ගායකයා අත් අඩංගුවට ගනා ලද්දේ පසුගිය 14 වනදා ය.