අයි එම් එෆ් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ බහුතරයක් පුරසාරම් දොඩනවා. නමුත් මෙය ඛේදවාචකයක් – විජිත හේරත්

සටහන – රෂිකා හෙන්නායක

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය මුදලක් ලබාගැනීම යනු ආඩම්බර වීමක් නොව ලජ්ජාවට පත් විය යුතු කරුණක් බවයි.

රට බංකොලොත් කරමින් රට අගාධයට ඇද දැමු පිරිස් අසීමාන්තිකව ණය ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් ලජ්ජා විය යුතු බව කී විජිත හේරත් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය අනුමත වීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පුරසාරම් දොඩන බවත් කීය.

බදු බර වැඩි කර රාජ්‍ය ආයතන විකුණා, රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයකරුවෙක් බවට පත්ව ඇති බවත් රට තවත් ණය උගුලට හිරවීමක් මෙමගින් සිදුවන බවත් විජිත හේරත් මහතා පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා

” අයි එම් එෆ් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ බහුතරයක් පුරසාරම් දොඩනවා. නමුත් මෙය ඛේදවාචකයක්. හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් මහ උජාරුවෙන් කතා කළා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...