රටේ ලක්ෂ 220 කගේ ජීවිත එක්ක අපි සෙල්ලම් කළේ නෑ – විපක්ෂ නායක සජිත්

Date:

මේ රටේ ලක්ෂ 220 කගේ ජීවිත සමඟ තමන් කිසිවිටකත් සෙල්ලම් නොකළ බවත්, ඔවුන්ගේ ජීවිත මරණයේ දොරටුව වෙත දක්කාගෙන යාමට කටයුතු නොකළ බවත් පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් හමු වූ සෑම අවස්ථාවකදීම පවසා සිටියේ අපේ රටට උදව් කරන ලෙස බවද පැවසීය.

ඇතමුන් ඉතිහාසය තුළ දී රටට සහ රටේ ජනතාවට ද්‍රෝහි වූ ආකාරය මේ රටේ ජනතාව දන්නා බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය එවැනි සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාව නිරූපණය නොකළ බවද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කළ කොන්දේසි මොනවාදැයි දැන ගැනීමේ අයිතිය තමන්ට සහ රටේ ජනතාවට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා IMF යෝජනා පිළිබඳව එදා බැසිල් රාජපක්ෂගෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළ අයුරු ද සිහිපත් කළේය.

මුදල් කාරක සභාවට හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට තරම්වත් ශිෂ්ට සම්පන්න උවමනාවක් නැති ආණ්ඩුව විපක්ෂ සහාය ඉල්ලා සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යයි සඳහන් කිරීමට පවා බිය වූ පොහොට්ටුවේ පිරිස් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වහලුන් බවට පත්ව ඇතැයිද පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...