*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

(VIDEO):මෛත්‍රී මොනවද මේ කියන්නේ.මෙච්චරකල් ඇත්ත හංගගෙන හිටියද? තවත් මොනවද බලාගෙන ඉන්නේ වහාම නීතිය ක්‍රියාත්මක කරන්න – මුජිබර්ගෙන් දැඩි ඉල්ලීමක්

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර තිබෙන ප්‍රකාශය පිළිබඳව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමඟි ජන බලවේගය අවධාරණය කළේය.

අද (23) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ පසුගිය කාලය පුරාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පරස්පර කතා මතුව තිබෙන අතර ඊයේ දිනයේදී හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමඟ එම පරීක්ෂණවල නව මානයක් විවෘත වී තිබෙන බවයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මිට පෙර කිසිදු සකෂියක් දී නොමැති අතර දැන් ඔහු ඒ සම්බන්ධයෙන් දන්නවා යැයි කිඅමම නීතියද නොමඟ යැවීමක් වන හෙයින් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවටයි රහුමාන් මහතා පැවසුවේ.

මෙම පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය පිටුපස සිටින සියලු දෙනාම නීතිය ඉදිරියට රැගෙන යා යුතු බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශයෙන් බොහොමයක් තොරතුරු හෙළිදරව් කරගත හැකිවනු ඇති බවද ඔහු කියාසිටියේය.

ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බවටයි රහුමාන් මහතා පැවසුවේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan